ලන්ච් ෂීට් පොලිතීන් බෑග් අද සිට තහනම් | දිනමිණ

ලන්ච් ෂීට් පොලිතීන් බෑග් අද සිට තහනම්

අද සිට තෝරාගත් පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනමට ලක් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

පරිසර සුරක්ෂිත වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාවට නංවන බව ඔහු වැඩි දුරටත් පැවැසීය.
 
කෙසේ වෙතත් අද සිට පොලිතීන් තහනම් වන බවට ප්‍රකාශයට පත් වුවද එය එළඹෙන ජනවාරිය තෙක් ක්‍රියාත්මක නොවන බවට බලධාරින් දැනුම්දී ඇති බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රී කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පැවැසීය.

මේ අතර පොලිතීන් භාවිතයෙන් ඉවත්විම සදහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.


නව අදහස දක්වන්න

Or log in with...