වසර තුනකින් බලපිටියට භුමිතෙල් නැහැ | දිනමිණ

වසර තුනකින් බලපිටියට භුමිතෙල් නැහැ

බළපිටිය ප්‍රදේශයේ ජනතාව වසර තුනක් භුමිතෙල් ලැබී නැති බව බලපිටිය විවිධසේවා සමූපකාර සමිතියේ සභාපති ඩබ්. කුසුම්සිරි මහතා පවසයි.
 
බලපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පැවසීය.
 
තවදුරටත් කතා කළ ඒ මහතා බලපිටිය ඉන්ධන පිරවුම් පොලේ භූමිතෙල් ටැංකියේ ඇති වූ දෝෂයක් නිසා මෙතෙක් භූමිතෙල් ලැබී නැති බවත් බළපිටිය ප්‍රදේශයේ ජනතාව භූමිතෙල් ලබා ගැනීමට අම්බලන්ගොඩ නගරයට හෝ අහුන්ගල්ල ප්‍රදේශයට යාමට සිදු වී තිබෙනවා. 
 
තවත් අමතර මුදලක් වැය කරගෙන භූමිතෙල් ගේන්න වෙලා තියෙන්නේ. සංචාරක කර්මාන්තයේ යෙදෙන බෝට්ටුකරුවන්ට විශාල වශයෙන් භූමිතෙල් අවශ්‍ය බවත් බළපිටිය ඉන්ධන පොළේ භූමිතෙල් නොමැති වීමෙන් විශාල ආදායමක් පිටතට ගොස් ඇති බවද සභාපතිවරයා කීය.
 
ඉන්ධන පිරවුම්පොලේ අළුත්වැඩියාවක් සිදු කරන අවස්ථාවේ භූමිතෙල් ටැංකියේ කටයුතුත් ඉන්ධනහලේ කටයුතුත් කඩිනමින් සිදු කර භූමිතෙල් ලබා දීමෙන් සංචාරක බෝට්ටුකරුවන්ටත් ධීවරයන්ටත් විශාල සහනයක් අත්වෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
(දිලීප් නිශ්ශංක - බළපිටිය සමූහ)

නව අදහස දක්වන්න