වව්නියාව ගුවන් හමුදා ප්‍රදර්ශණය හා සැණකෙලිය ඇරඹේ | දිනමිණ

වව්නියාව ගුවන් හමුදා ප්‍රදර්ශණය හා සැණකෙලිය ඇරඹේ

සංහිඳියාවෙන් සපිරි රටක ගුවන් හමුදා මෙහෙවර ඇගයීම සඳහා සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදා ප්‍රදර්ශණය හා සැණකෙලිය අද (01) පෙරවරුවේ ගවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව ගුවන් හමුදා මූලික කඳවුරු පරිශ්‍රයේදී විවෘත්ත කරනු ලැබිණි.
 
මෙම ප්‍රදර්ශණයේදී ගුවන් හමුදාව ආරම්භයේ සිට මේ දක්වා විකාශණය,එදා මෙදාතුර ගුවන් හමුදා ජනතා මෙහෙවර , ගුවන් හමුදා සාමාජිකයින්ගේ දක්ෂතා හා ක්‍රියාකාරකම් ඇතුලත් සජීවි සංදර්ෂණ , පැරැෂුට් සංදර්ශණ ,සරඹ හා තූර්ය වාදන සංදර්ශණ, ගුවන් සුනඛ සංදර්ශණ, වෙළඳකුටි , සංගීත සංදර්සණ ඇතුළු අංග රැසකින් සමන්විතව පවතී.
 
මෙම සංදර්ශණය විවෘත්ත කිරීමත් සමග ගුවන් යානා , සරඹ, පැරැෂුට් හා ගිනි නිවන ගුවන් භටයන්ගේ ක්‍රියා කාරකම් ඇතුළු සංදර්ශණ පැවති අතර මෙමගුවන් හමුදා ප්‍රදර්ශණය හා සැනකෙලිය 01 දින සිට 03 දින දක්වා දින තුනක් ප.ව.2.00 සිට රාත්‍රී 11.00 දක්වා මහජනතාවට විවෘත්තව පවතී
 
ගුවන් හමුදාව මෙම වසරේ 66 වැනි සංවත්සරය සැමරීම හා ඊට සමගාමීව මෙවැනි ප්‍රදර්ශණයක් වැඩසටහනක් සංවිධානය කිරීමට තීරණය කළ බව පැවසූ ගුවන් හමුදාපතිවරයා මීට පෙර මෙම සංදරශණය කොළඹ රත්මලාන ගුවන් හමුදා කදවුරේ පැවත්වූ බවත් එහිදී ගත් තීරණයකට අනුව ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ජාතිකසංහියාව ඇති කිරීමේ ප්‍රධාන අභිමථාර්ත සාර්ථක කරගැණීමට සක්‍රීය දායකත්වය ගුවන් හමුදාව දැරිය යුතුය යන අදහසින් මෙම ප්‍රදර්ශණය මේ පළාතය අරගෙන ආවා. විශේෂයෙන් මෙම පළාතේ ජනතාවට ගුවන් හමුදාවේ තිබෙන නිපුනතාවයන් හැකියාවන් දැක ගන්න පුළුවන් ඒ වගේම
මේ පළාතේ ඉන්න තරුණ තරුණියන් ගුවන් හමුදාවට සම්බන්ධ වෙලා අපසමග අත්වැල් බඳගෙන ජාතික හමුදාවක් හැටියට ඉස්සරහට කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමටත් මෙය අවස්ථාවක් කරගන්නා බව පැවසූ  ගුවන් හමුදාපති එයාර් මර්ෂල් කපිල ජයම්පති මහතා ලබන වසරේ 67 වන සමරන අවස්ථාමේ ඊළඟ ප්‍රදර්ශණය බොහෝදුරට නැගෙනහිර පළාතේ පැවත්වීමට ඉඩ ඇතැයිද පැවසීය.
 
ලබන වසරේ  මෙම ප්‍රදර්ශණය පැවත්වෙන අවස්ථාවේ ගුවන් හමුදා පාපැදි සවාරිය සක්‍රියව සිදුකරන බවත් මෙම වරරේ එම පාපැදි සවාරිය සංහිඳයාවේ පියවරක් ලෙස යාපනයෙන් අවසන් කළ බවද පැවසීය
 
මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින්, වවුනියාව ගුවන් හමුදා කඳවුරු අනදෙන නිලධාරි එයර් කොමාන්ඩර් ඩී.ජේ.සී. වීරකොන් මහතා ඇතුළු නිලධාරින් සෙසු නිලයන් සමග විශාල පිරිසක් එක්ව සිටියහ.
 
(වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න)
 

නව අදහස දක්වන්න