මාස දෙකක කාලයක් සදහා යාල වැසේ | දිනමිණ

මාස දෙකක කාලයක් සදහා යාල වැසේ

මේ දිනවල පවතින් දැඩි නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල ජාතික වන උද්‍යානය අද (01) සිට මාස දෙකක කාලයක් සදහා වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කල බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක හසිනි සරච්චන්ද්‍ර මහත්මිය පැවසුවාය.

වන උද්‍යානය නැවතත් මහජනතාව සදහා ඔක්තෝබර් 31 වනදා විවෘත කිරීමට නියමිතය.

ඒ වන විට සාමාන්‍යයෙන් වැසි ඇති වීම එම කාලය තුල වන උද්‍යානයය විවෘත කිරීමට හේතුව වන අතර නමුත් පසුගිය වසරේද බලාපොරොත්තු වූ වැසි නොලැබීම හේතුවෙන් වන උද්‍යානය වසා තැබූ කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවූ බවත් සරත්චන්ද්‍ර මහත්මිය සදහන් කළාය.

ඒ අනුව යාල ජාතික වනෝද්‍යානයෙන් පලටුපාන පිවිසුම් ඒකක 1 සහ 2 වසා තැබෙන අතර ගල්ගේ සහ යාල බටහිර පිවිසුම් ඒකක 3, 2, 5 විවෘතව පවතින බව ඇය පැවසුවාය.
එලෙසම ජනතාව සදහා වනඋද්‍යානය වසා තැබෙන කාල සීමාව දිවියන්ගේ ප්‍රජනනය සමය බැවින් සතුන්ට මෙන්ම නිලධාරීන්ටද සතුන් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට කාලය මෙමගින් හිමිවනු ඇත.

නව අදහස දක්වන්න