මත් උවදුරින් රට මුදාගැනීම විශේෂ කාර්ය බලකායට | දිනමිණ

මත් උවදුරින් රට මුදාගැනීම විශේෂ කාර්ය බලකායට

තමන් විශේෂ කාර්ය බලකාය වෙත අභියෝගයක් බාරදී තිබෙන බවත් ඒ මත් උවදුරින් රට මුදාගැනීමේ අභියෝගය බවද නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසිය.

කටුකුරුන්ද පුහුණු පාසලේ (01) දින පැවති විශේෂ කාර්ය බලකායේ 33 වැනි රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී රණවිරු ස්මාරකයට පළමුවෙන් පුෂ්ප උපහාර දැක්වීම අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් සිදු කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ විශේෂ කාර්ය බලකාය මෙරට ආරම්භ කලේ ත්‍රස්තවාදය සහ කැරලි මර්දනය සඳහා විශේෂ පුහුණුව ලද පොලිස් කණ්ඩායමක් ලෙස බවයි.

කැරළි මර්දනය යනු අද පවතින උද්ඝෝෂණ, පෙළ පාලි නොව රට තුල ඇතිවන කැරලි කොලහාල බව විශේෂයෙන් සිහිපත් කලයුතු බවයි  අමාත්‍යවරයා කියා සිටියේ.

දිවංගත රවී ජයවර්ධන මැතිතුමාගේ සංකල්පයක් මත ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ වූ විශේෂ කාර්ය බලකාය ඔහුගේ දරුවෙකු ලෙස ඔහු විසින් ගොඩනැගූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙකු උවත් ප්‍රසිද්ධ වේදිකාවට නොපැමිණ, ජායාරූප සහ කැමරා ඉදිරියේ පෙනී නොසිටීමෙන් ඔහු කැපවීමෙන් එම බලකාය ගොඩනැගූ බව අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළා අතර විශේෂ කාර්ය බලකාය, විශේෂ කණ්ඩායම් යටතේ පුහුණුව ලැබූ අතර මෙම කටුකුරුන්ද පුහුණු පාසල එදත් අදත් දකුණු ආසියාවේ හොඳම පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන බවද අමාත්‍ය සාගල රත්නායක එහිදී කියා සිටියහ.

ඒ කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකායට එදත් අදත් පැවරී තිබෙන රාජකාරිය සහ කාර්ය භාරයේ වෙනසක් නොමැති බවද පෙන්වාදුන් අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ එල්.ටි.ටි.ඊ. උවදුර වර්තමානයේ නොමැති උවත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා විශේෂ කාර්ය බලකාය සූදානම් කල යුතු බවයි.

එහිදී වැඩිදුරට අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ තමන් විශේෂ කාර්ය බලකාය වෙත මත් උවදුරින් මේ රට මුදාගැනීම අභියෝගය භාරදී තිබෙන බවයි. 

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...