Friday, සැප්තැම්බර් 1, 2017 - 11:45
රුසියාවේ අනවශ්‍ය ක්රියාකළාපයන් හේතුවෙන් සැන්ෆ්රැන්සිස්කෝ නුවර පිහිටි රුසියානු කොන්සල් කාර්යාලය සහ ඊට අයත් සෙසු කාර්යාල වසා දමන මෙන් නියෝග කළ බව අමෙරිකාව සදහන් කරයි.
ඒ අනුව හෙට වන විට සැන්ෆ්රැන්සිස්කෝ නුවර පිහිටි රුසියානු කොන්සල් කාර්යාලය සහ ඊට අයත් නිව්යෝර්ක් සහ වොෂින්ටන් නගර වල පිහිටි කාර්යාල ද වසා දැමිය යුතු බව වාර්තා වේ.
රුසියාව එහි සිටින අමෙරිකානු නිලධාරීන් අඩුකරන මෙන් අමෙරිකාවට කරන ලද නියෝගයට ප්‍රතිචාර වශයෙන් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නව අදහස දක්වන්න