මාගම්පුර ඇත්ත මෙන්න | දිනමිණ

මාගම්පුර ඇත්ත මෙන්න

අප රට වර්තමානයේ අර්බුද රාශියකට මුහුණ දෙන ජාතියක් වශයෙන් පත්වීම පුදුමයක් නොවේ. පැවති රජයන් විසින් දැවැන්ත ණය බරක් සාමාන්‍ය ජනතාව මත පටවා ණය උගුලක සිරවී සිටිති.

පවතින ආර්ථික තත්ත්වය මත ජනතාව ජීවත්වන්නේ ආර්ථික අපහසුතා රාශියක් මැදය. නියඟය තුළින් රටේ ජනගහනයෙන් කොටසක් පීඩා විඳිද්දී තවත් ජන කොටසක් ස්වභාවික විපත්වලට පත්වී කල් ගෙවති.

අප රටේ තිබෙන අවාසනාවන්තම ඛේදනීය තත්ත්වයක් වශයෙන් සෑම සංවර්ධන ක්‍රියාදාමයක් දෙසම පාට කණ්ණාඩි වලින් බලන දේශපාලන බඩගෝස්තරවාදීන් කොටසක් බිහිවී තිබීම ජාතියේ අවාසනාවකි.

හම්බන්තොට වරාය යනු තනිකරම සුදු අලියෙකි. එහි ආදායම වරායේ නඩත්තුවටද ප්‍රමාණවත් නොමැත. අවිධිමත් ලෙස ගොඩනැගූ මෙම වරායේ පව් ගෙවීමට සිදුවී ඇත්තේ කොළඹ වරායටය.

එදා හම්බන්තොට වරාය තුළින් රැකියා දස දහස් ගණනක් බිහිවෙන බවට පුරාජේරු කථා පැවසුවද එය එසේ නොවී ය.

වර්තමානයේ අප රජයට නඩත්තු කළ නො හැකි මෙම වරාය අසල්වාසි චීන සමාගමක් සමඟ එකතුවී සංවර්ධනයේ දොරගුලු විවර කිරීම මහජනතාව වශයෙන් අපට මහත් අස්වැසිල්ලකි. මත්තල ගුවන් තොටුපල පිළිබඳව අපට කිව හැක්කේ ඉහත කරුණුමය. ගුව න් යානා නොඑන ගුවන් තොටුපළක් වී ඇති මෙම ගුවන් තොටුපළ ජාත්‍යන්තරයට විවර කර කුමන රටක හෝ සහයෝගය ගෙන සංවර්ධනය කිරීම ජනතාව මත තවදුරටත් පැටවෙන බදු බර අඩු කිරීමකි.

ඩබ්ලිව්. කේ. මොහාන්
මහවැලි සී කලාපය 

නව අදහස දක්වන්න