නා ලොවින් ආ කැටයම් බුලත් | දිනමිණ

නා ලොවින් ආ කැටයම් බුලත්

නාග ලෝකයේ සිට දැවැන්ත සුදු පැහැති නාග රාජයකු විසින් මනුෂ්‍ය ලෝකෙට බුලත් ගෙනා බවට ජනප්‍රවාදයේ සඳහන් වන අතර බුලත් කොලේ නටුවේ හා පහළ සිහින් තුඩේ විෂ පවතින බැවින් බුලත් කොලය කෑමට ගන්නා විට එහි දෙකෙලවර කඩා ඉවත දැමීමට ගැමියෝ පුරුදු වී සිටිති.

එම මිත්‍යා මතය කෙසේ වෙතත් එහි සත්‍ය තාවයක් ඇති බව තහවුරු වී ඇත. බුලත් කොලේ කෙලවර ඇති තුඩුව සිහින් බැවින් ඒ දිගේ පහලට ගලා යන ජලයේ ඇති විෂ සහිත අපද්‍රව්‍ය එම තුඩුවේ රැදී තිබිය හැකි බව එම මතයයි. ‘නාග වල්ලී දලූ පේතං’ ලෙසටද ගැමි ව්‍යවහාරයේ දී හැඳින්වෙන බුලත් සිංහල ජන සමාජයේ ගෞරවාදරයට පත් වූ ශාක පත්‍රයකි. ආගමික නායකයන් , දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, ඥාතීන් හා ප්‍රභූ වරුන්ට බුලත් හුරුළු දී වැඳීමටත් සුභ කටයුතු සඳහා ආරාධනා කිරීමටත් අප සමාජයේ බුලත් කොළය බහුලව භාවිතා කරයි. ඒ අතරම බුලත් විට කෑම නිසා මුඛ පිළිකා සෑදී අකාලයේ දිවියෙන් සමුගන්නා අය ගැන ද අසන්නට ලැබේ. මේ සියල්ලටම හේතු වන බුලත් කොලය අප දන්නා තරමින් සම්පූර්ණයෙන් ම කොළ පාටින් යුත් ශාක පත්‍රයකි. එසේ වුවද එම බුලත් ප්‍රභේදයෙන් බැහැරව කහ පාටින් කැටයම් සහිත බුලත් කොළ ද ඉදහිට දක්නට ලැබේ. හඟුරන්කෙත මල්උල්ලේ එස්.එම්. මල්ලිකා සමරතුංග මහත්මියගේ වෙළඳසලට ලැබුණු බුලත් තට්ටුවක තිබී හමුවූ එවැනි කැටයම් සහිත අලංකාර බුලත් කොල කිහිපයක් මෙහි දැක්වේ.

හඟුරන්කෙත සමූහ රාජා ගුණරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...