එළු මාලය තොණ්ඩුවක් ද ? | දිනමිණ

එළු මාලය තොණ්ඩුවක් ද ?

මිහිර විජේසේකර

කල්පිටිය ප්‍රදේශයේ සංචාරය කරන්නෙකුට නෙත ගැටෙන සුලබ දසුනකි, එළුවන්ට දමා ඇති ලී මාලය. සැබවින්ම මෙය පළඳනාවක් නොව එළුවන් ඇතිකරන්නන් විසින් රැක බලා ගැනීමේ පහසුව තකා දමා ඇති ත්‍රිකෝණාශ්‍රාකාර ලී රාමුවකි. එම ප්‍රදේශයේ වගා බිම් වල ආරක්‍ෂිත කම්බි වැටෙන් රිංගා යෑම වළක්වාලීමට මෙම ලී රාමුව එළුවන්ගේ බෙල්ලට දැමීමට හේතුව බව එළුවන් ඇතිකරන්නන් පවසති.

එහෙත් ඇතැමුන් පවසන්නේ මේ හේතුවෙන් සතුන්ට හිංසාවක් සිඳුවන බවයි. ඇතැම් අවස්ථාවල මෙම ලී පළඳනාව කම්බි වල පැටලී මරණය පවා සිදුවීමට ඉඩ ඇති බවත්, ඔවුන් ආහාර ගැනීමේදී යම් අපහසුතාවන්ට ලක් වන බවද ඔවුහු පෙන්වා දෙති.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...