ලන්ඩයේ ඕවල් පිටියට ඊතල ප්‍රහාරයක් | දිනමිණ

ලන්ඩයේ ඕවල් පිටියට ඊතල ප්‍රහාරයක්

වර්නන් ගුණසේකර

ලන්ඩයේ ඕවල් ක්‍රීඩා පිටියට ඊතලයක් පතිතවීම හේතුවෙන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් හදිසියේම නතර කිරීමට සිදුවිණි.

සරේ හා මිඩල්ෂේක්ස් කණ්ඩායම් අතර එංගලන්තයේ කියා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය අතර වාරයේ පිටියට ඊතලයක් තරගය ක්‍රීඩා කරමින් තිබූ තණතීරුව සමීපයේ පතිතවිණි.

තරගය නරඹමින් සිටි පිරිසට වහාම ආරක්ෂාකාරීව මුවාවන ලෙසට දැනුම් දුන් අතර ක්‍රීඩකයන් හා තරග විනිසුරුවන් පිටියෙන් ඉවතට ගෙන යනු ලැබිණි.

ආයුධ සන්නද්ධ පොලිසිය විසින් මනා පාලනයකින් යුතුව නරඹන්නන් ක්‍රීඩාංගණයෙන් ඉවත් කෙරුණු අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ බවට නිවේදනය කෙරිණි.

සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත. කිසිම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නැතත් මේ පිළිබඳ පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව ලන්ඩන් පොලිසිය කියයි.

දිගු යකඩ තුඩක් සහිත අගල් 18ක් දිග මේ භායානක ඊතලය පතිතවී තිබෙන්නේ ක්‍රීඩකයන් පස්දෙනකුට යාර 8ක් දුරිනි.

(විදෙස් පුවත් අසුරිනි) 

නව අදහස දක්වන්න