හබරණ අවට හෙරොයින් බෙදූ සැකකරුවෙක් අත්අඩංගුවට | දිනමිණ

හබරණ අවට හෙරොයින් බෙදූ සැකකරුවෙක් අත්අඩංගුවට

හබරණ , පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල ආදී ප්‍රදේශ රැසක හෙරොයින් මත් කුඩු බෙදාහරින ලද සැකකරුවෙක් පසුගියදා හබරණ පොලීසියට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.

කැළනිය, බියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු කොළඹ සිට හබරණ ප්‍රදේශයේ බෙදාහැරීමට මත්කුඩු ග්රෑම් 3 මිලි ග්රෑම් 900 ක් රැගෙන බසයෙන් පැමිණ බැස එද්දී හබරණ , හිරිවඩුන්න කුඩා මීගස්වැව දී අත්අඩංගුවට ගෙන ඇත.

කුඩු බෙදා හැරීමේ ජාවාරම කාලයක් තිස්සේ සිදුකර ඇති අතර බන්ධනාගාරගත වී සිට මෑතක දී නිදහස්ව පැමිණ ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත. හබරණ පොලිස්ථානාධිපති වසන්ත පිටිගල මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. ජයසිංහ මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

හබරණ සමූහ

නව අදහස දක්වන්න