යනූෂාගේ ‘නීල’ නව කතාව වෙෙළඳ පොළට | දිනමිණ

යනූෂාගේ ‘නීල’ නව කතාව වෙෙළඳ පොළට

යොවුන් ලේඛිකාවක වන යනූෂා ලක්මාලි ගේ අලුත්ම නව කතාව 'නීල' නමින් වෙළ‍ෙඳ පොළට නිකුත්ව ඇත. නීල යනූෂාගේ හයවන නවකතාවයි. මීට පෙර ඇය පාර, තරු, යක්දෙහි කන්ද, ඇට්ටේරියා මල් සහ මඩුවන්වෙල යනුවෙන් නවකතා පහක් ප්‍රකාශයට පත්කර ඇත. ඇය එම නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, කවිතා ජාතික සම්මාන, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මාන සහ ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන දිනා ඇත. නව කතාව මතු නොව කෙටි කතාව, කවිය, විචාරය යන සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථ කරණයේ නියැලෙන යනූෂා ලක්මාලි ගේ ප්‍රකාශයට පත්වන දාහත්වන කෘතිය වන්නේ ද නීල නවකතාවයි. දැදුරුඔයබඩ ජන ජීවිතය ඇසුරු කරගත් නවකතාවක් වන නීල මරදාන ෆාස්ට් පබ්ලිෂිං ලිමිටඩ් හි ප්‍රකාශනයකි.

වාරියපොළ සමූහ 


නව අදහස දක්වන්න

Or log in with...