ලෝක තරුණ බෙෳද්ධ සම්මේලනයේ සමාප්ති උළෙල මිල්ලවාන විදුහලේ | දිනමිණ

ලෝක තරුණ බෙෳද්ධ සම්මේලනයේ සමාප්ති උළෙල මිල්ලවාන විදුහලේ

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී. ගුණතිලක

ලෝක තරුණ බෙෳද්ධ සංඝ සම්මේලනයේ 14 වැනි සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත් වීමට නියමිතව ඇති අතර එහි සමාප්ති උත්සවය පල්ලේපොළ මිල්ලවාන මහා විද්‍යාලයීය භූමියේදී ලබන ඔක්තෝම්බර් 29 දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වීමට සූදානම් කර ඇති බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් එ්කනායක මහතා පැවසීය. මෙම සම්මේලනයට ලෝකයේ රටවල් 55ක ගිහි පැවිදි පිරිස් සහභාගී වේ. ඊට ලංකාවේ මහ නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නයද විදේශවල වෙසෙන බෙෳද්ධ නායකාරකාදීන් ද ඇතුළත් වේ. මෙම සම්මේලනයේ මෙවර තේමාව වන්නේ තිරසාර සාමය සඳහා ලෝක බෙෳද්ධ නායකයන්ගේ එකමුතුව යන්නයි.

මේ අතර මෙම සම්මේලනයට සමගාමීව දඹුල්ල ආසනයේ සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ප්‍රියාන් විජේරත්න මහතාගේ ඉල්ලීම පරිදි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු රාශියකට මූල්‍යාධාර සපයා දී ඇත. විශේෂයෙන් සම්මේලනය පැවැත්වෙන මිල්ලවාන මහා විද්‍යාලයේ යටිතල පහසුකම් දියුණු කිරීමට මිලියන 20ක් වෙන් කර දී ඇත. ඊට අමතරව මෙම සම්මේලනය පැවැත්වීමට ඇමැතිවරයා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ දායකත්වයද ලබා දී ඇති බව මහ ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ කරුණු අනාවරණය වූයේ අදාළ සම්මේලනයේ සමාප්ති උත්සවයේ සංවිධාන කටයුතු සඳහා පසුගිය 20 වැනි දින මිල්ලවාන මහා විද්‍යාලයේදී පැවැති මූලික සාකච්ඡාවකදීය. 

 


නව අදහස දක්වන්න

Or log in with...