අබ්දුල් අශීස් 27වැනි ගුණ සැමරුම | දිනමිණ

අබ්දුල් අශීස් 27වැනි ගුණ සැමරුම

වතුකම්කරු වෘත්තිය සමිති නායකයෙක් වු අබ්දුල් අශීස් මහතා ඉන්දියානු සම්භාවයන්ට මෙන්ම සිංහල හා නොයෙක් ජන කොටස් සමඟ සහයෝගීව කටයුතු කරමින් ලංකාවේ එවකට පැවැති අධිරාජ්‍ය වාදී පාලන ක්‍රමයෙන් මුදවා ගැනීමේ සටනටද එක් වීය. මොහු සෝවියට් දේශය හා එක්ව ලෝක කම්කරුවන්ගේ හා පීඩනයට පත් ජනතාවගේඅභිවෘර්ධිය සඳහා නොයෙක් සංවිධාන පිහිටුවා ගෙන කටයුතු කළා වතු කම්කරු වෘත්තිය සමිති අරගල වලට මැදිහත්වී ප්‍රථම වරට සිංහලයෙක් වූ ඒබ්‍රහම් සිංඤ්ඤා ආගර පතනයේදී පොලිස් වෙඩි පහරකින් මියගියා යැයි සහජිවන හා එකාබද්ධ අැමැති මනෝ ගනේෂන් මහතා පැවසීය. එ් මහතා මෙසේ ප්‍රකාශ කෙළේ අබ්දුල් අශීස් මහතාගේ 27 වන ගුණසැමරුම සඳහා

දෙහිඔවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදීය. අද පවතින යහපාලන රජයෙන් ගේට්ටු ඇර ඉබි, යතුරු හැරදා සම්පූර්ණ නිදහස ලබාදී ඇතිබවද ඔහු පැවසීය.

මන්ත්‍රී වසුදේව නානයක්කාර මහතා-අබ්දුල් අශීස් මහතා සබෑ මාක්ස්වාදියෙක් බවද ඇන් ඇම් කොල්වින් ආර්ද සිල්වා සමඟ එක්ව ක්‍රීයා කරමින් වතුකම්කරු ජනතාගේඅභිවෘර්ධිය උදෙසා සටන් කරමින් පාර්ලිමේන්තුවේද වාද විවාද කළා යැයි පැවසීය.

මන්ත්‍රීනි දොස්තර තුසිතා විජේමාන්න පත් කළ මන්ත්‍රී ආචාර්ය ජයන්පති වික්‍රමරත්න හිටපු මැති ඇමැතිවරුන් සහ වතුකම්කරු නායකයෝද ඉන්දියානු නියෝජ්‍ය කොමසාරිස් රාධා වෙන්කටරාමන් මෙනවියද අශීස් පදනමේ අධ්‍යක්ෂක අශ්රාප් අශීස් යන මහත්ම මහත්මීහුද කථා කළහ.

යටියන්තොට සමූහ
කුමාරසිංහ ගුණදාස

නව අදහස දක්වන්න