ශ්‍රීලනිප යෝජනා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට | දිනමිණ

ශ්‍රීලනිප යෝජනා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට

දිස්නා මුදලිගේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඊයේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත එම පක්ෂය විසින් භාරදෙනු ලැබූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය. සිය අතුරු වාර්තා සම්පූර්ණ කර අවසන් කිරීම සඳහා ශ්‍රීලනිප යෝජනා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත ලැබෙනතුරු එම මෙහෙයුම් කමිටුව බලාපොරොත්තුව සිටියේය. එකී වාර්තාවට මැතිවරණ ක්‍රම සංශෝධන බලය බෙදාහැරීම හා රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ, විස්තර ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ශ්‍රීලනිපය වෙනුවෙන් එම යෝජනා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත භාරදුන් අතර සැප්තැම්බර් 6දා පැවැත්වෙන මීළඟ කමිටු රැස්වීමේදී එම යෝජනා සාකච්ඡාවට ගැනීමටද නියමිතය. පසුගිය දෙසැම්බර් මාසයේදී ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව සිය අතුරු යෝජනාවලි සකසා අවසන් කර තිබුණ නමුත් ශ්‍රීලනිපයේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා සිටීම හේතුවෙන් ව්‍යවස්ථා සම්පාදන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාද වී තිබිණි.

අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව ශ්‍රීලනිපය වෙනුවෙන් නියෝජනය කරන්නේ ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේම්ජයන්ත මහත්වරු.

නව අදහස දක්වන්න