මහවැලි සංචාරක බංගලා වෙන් කිරීම අන්තර්ජාලයෙන් | දිනමිණ

මහවැලි සංචාරක බංගලා වෙන් කිරීම අන්තර්ජාලයෙන්

මහවැලි සොබා සිරි විඳින්නට සොඳුරු නවාතැනක්, මූලික තේමාව කර ගනිමින් මහවැලි සංවර්ධන හා පරිසර විෂයභාර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව ක්‍රියාවට නංවන ලද , මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලය මගින් වෙන්කර ගැනීමේ පහසුකම දියත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙ.ව 10.30 මහවැලි බී කලාපයේ නවීකරණය කළ ,රුහුණු කෙත, සංචාරක නිවාස පරිශ්‍රයේදී සිදු කෙරේ.

දිවයිනේ විවිධ දේශගුණික කලාපවල ස්වභාවික සෞන්දර්යත්වයෙන් අනූන, ඓතිහාසික ස්ථාන හා වනෝද්‍යාන ආශ්‍රිතව පිහිටා ඇති මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලය ඔස්සේ වෙන් කර ගැනීමට දෙස්- විදෙස් සංචාරකයන්ට මේ සමග අවස්ථාව උදාවනු ඇත.

www.mahaweli.gov.lk හා www.gov.lk වෙබි අඩවිය ඔස්සේ මෙම සංචාරක බංගලා වෙන් කරවාගැනීමට පහසුකම් සලසා ඇත. 

නව අදහස දක්වන්න