ජගත් ජයසූරියට යළි තානාපති සේවය නෑ | දිනමිණ

ජගත් ජයසූරියට යළි තානාපති සේවය නෑ

ශිරෝමි අබයසිංහ

බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා යළිත් වතාවක් සේවය කිරීම සඳහා කළ ඉල්ලීම සලකා නොබැලීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. වෙනත් රටක තානාපති ධූරයක් හෝ ඔහුට ලබා නොදීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ. බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජගත් ජයසූරිය මහතා වසර දෙකක නිල කාලය අවසන් කර මෙරටට පැමිණි සිටියි. රෝම ප්‍රඥප්තිය අත්සන් කර ඇති කිසිදු රටකට ඇතුළුවීමට ජගත් ජයසූරිය මහතාට ඉඩ නොමැති බවද වැඩිදුරටත් වාර්තාවේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...