පිළිස්සුණු ගීතා දැඩි සත්කාර ඒකකයට - UPDATE | දිනමිණ

පිළිස්සුණු ගීතා දැඩි සත්කාර ඒකකයට - UPDATE

නිවසේ සිදු වූ හදීසි අනතුරකින් පිළිසුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් සිටි සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මේ වන විට එම රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, නාවල නිවසේදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් ගීතා කුමාරසිංහගේ දෑත්, දෙපා සහ උදරය ආශ්‍රිත ප්‍රදේශ පිළිස්සී ඇති බවටයි වාර්තා වන්නේ.

පිළිස්සුණු ගීතා රෝහලේ - UPDATE

පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ගීතා කුමාරසිංහ පිළිස්සුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.

ඒ සිය නිවසේ ගෑස් සිලින්රය කාන්දු වීමක් හේතුවෙන්.

එහිදී හටගත් ගින්නෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනිය පිළිස්සුමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදහස් 1ක් ඇත

api , sobhawata , ekathu nunama, sisilen duras wenawada? sinamawen sith , pubudu kala oba thumiyata, ikmanin suwapath bawa labewa !

නව අදහස දක්වන්න