කුෂු කුෂු කෝච්චි | දිනමිණ

කුෂු කුෂු කෝච්චි

චම්පිකා දීපානි රණසිංහ

දුම්රියට නැඟීම ලෝක යුද්ධයකට දෙවැනි නැත. අපේ රටේ වැඩි දෙනෙක් රාජකාරියට ‍යාම සඳහාත් රාජකාරිය නිම වී නිවෙසට යාම සඳහාත් කරන්නේ ලෝක යුද්ධයකි. බොහෝ දෙනෙක් දුම්රියට අනෙකාට පෙර ගොඩවීමට උත්සාහ දරන්නේ අවසන් වරට ඉඳගැනීමේ අවස්ථාව උදාකර ගැනීමට මෙනි. සංගීත පුටු තරගයකට නොදෙවැනි මෙවැනි තත්ත්වයකින් දුම්රියට ගොඩවුණත් වැඩි දෙනකුට දෙපා බිම තබා කොන්ද බෙල්ල කෙළින් තබාගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත. ඒ ලංකා දුම්රිය සේවාවේ ස්වභාවයයි. එහෙත් ලෝකයේ හතරවැනි දිගම දුම්රිය ජාලයට හිමිකම් කියන ඉන්දියාවේ තත්ත්වය මීටත් බරපතළ ය.

එරට දුම්රිය මාර්ගවල පූර්ණ දිග කිලෝමීටර් 119,630 (මීටර් 74,330) ක් පමණ වේ. දුම්රිය නැවතුම් පොළවල් ගණන 7216කට අධිකය. වාර්ෂිකව බිලියන 8.107ක ජනකායක් දුම්රිය සේවයේ පිහිට පතති. දෛනිකව මඟීන්ගේ ගණන මිලියන 23කට අධිකය. එය ඔස්ට්‍රේලියාවේ මුළු ජනගහනයට සමානය. සේවකයන් 1.331කට රැකියාව ලබාදෙන ලෝකයේ අටවැනි විශාලතම රැකියා සපයන්නා වී ඇත්තේ‍ද ඉන්දියානු දුම්රිය සේවයයි. එරට චත්‍රපති ශිවාජි මහරාජ් තෙමිනස් දුම්රිය ස්ථානය (වික්ටෝරියා ටෙම්නස්) යුනෙස්කෝ ලෝක උරුමයකි.

මේ සියලු සුබ කරුණු මධ්‍යයේ ඉන්දියානු දුම්රිය සේවාව මත ඇඳුණු කළු පැල්ලමක් ද ඇත. ඒ අධික මඟීන් සංඛ්‍යාව නිසා දුම්රියේ තෙරපීමෙන් දුම්රියෙන් ඇද වැටීමෙන් මිය යන මාරාන්තික අනතුරු සිදුවී ජීවිත කාලයේම පීඩා විඳින මඟීන්ගේ සංඛ්‍යාවේත් අඩුවක් දක්නට නැති වීමෙනි.

2016 වසරේදී දුම්රියෙන් ඇද වැටී මිය යන ගණන සියයට විස්ස දක්වා අඩු වී තිබුණද එවැනි විපතක් සිදුවන රටවල් අතර ඉන්දියාව තවමත් පෙරමුණේය. පනස්පස් හැවිරිදි කිරන්කොතාරි දුම්රියෙන් ඇද වැටී මිය යාම පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ සිදුවීමකි. බටහිර දුම්රිය මාර්ගයේදී කිරන් මිය ගියේ දුම්රිය හා දුම්රිය වේදිකාව අතර තිබූ පරතරය නිසාය. දුම්රිය හා දුම්රිය වේදිකාව අතර පරතරය නිසා දිනපතා රේල්ලුවට ජීවිත පූජා කරන අයගේ අඩුවක් නැත.

යෝධ දුම්රිය ජාලය ජීවිත බිලි ගන්නා ආකාර ගණනාවක්ම තිබේ. දුම්රියේ වහලයේ දුම්රිය මැදිරිවලට පරිබාහිරව වවුලන් මෙන් එල්ලී යන ජනතාව සේම දුම්රිය මාර්ග හරහා පැනීමෙන්ද මිය යන ගණනේ ද අඩුවක් නැත. වසරකට 15000ක් පමණ දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේදී මිය යයි.

ඉන්දියානු දුම්රිය ප්‍රවාහන සේවයකට වඩා මර උගුලක් වී ඇත. කෙසේ වුවද ඉන්දියානු ජනගහනයෙන් 1.9%කට දෛනිකව සංඛ්‍යාවෙන් 12,617ක් ඉක්ම වූ දුම්රිය ගණනක පිහිට පැතීමට සිදු වී තිබේ.

ඉන්දීය දුම්රිය මරණවලින් වැඩි සංඛ්‍යාවක් සිදු වන්නේ දුම්රියෙන් වැටීමෙනි. 2014 වසරේ ඉන්දියාවේ දුම්රිය ආශ්‍රිත මරණ 27581ක් සිදු වෙද්දී එම වසරේ අමෙරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 827කි. ජර්මනියේ 172ක්ද ස්පාඤ්ඤයේ 27ක්ද බ්‍රිතාන‍්‍යයේ මරණ 24ක්ද වාර්තා වී තිබිණි. ඉන්දියාවේ මරණ 27581න් මරණ 17480ක්ම සිදුවී තිබුණේ කෝච්චියෙන් ඇද වැටීමෙනි.

බංග්ලාදේශයේ මිලියන 42ක පමණ ජනකායක් දුම්රියේ පිහිට පතති. පකිස්ථානයේ දිනකට මිලියන 23කට වඩා මඟීන් සංඛ්‍යාවක් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය ලෙස දුම්රිය තෝරාගෙන තිබේ. ඒ රටවල ද දුම්රියෙන් වැටීමෙන් වන අනතුරු දෙවැනි වන්නේ ඉන්දියාවට පමණි. දුම්රිය අනතුරුවලට මෙසේ ගොදුරුවන්නේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින රටවල ජනතාව පමණක් නොවේ. ජපානයේ ජර්මනියේ සිට ඉන්දියාවටම මෙය පොදු ජනතා ඉරණමකි. කෙන්යාව වැනි අප්‍රිකානු රටවලට ද මෙය පොදුය.

බංග්ලාදේශයේ නව දුම්රිය මාර්ග ඉදි කෙරෙමින් පවතින අතර එය 2019දී නිමාවට පත්වෙනු ඇත. එවිට දිනකට ලක්ෂ පහක ජනකායකට දුම්රියෙන් ගමනාගමනය කළ හැකි වේ. එහෙත් ඒ සමඟම දුම්රියෙන් වැටී මිය යන සංඛ්‍යාවද වැඩි වනු නිසැකය. අමෙරිකානු එක්සත් ජනපදවාසීන් චීන ජාතිකයන් හා රුසියානුවන් (වැඩි වශයෙන්ම) දුම්රිය භාවිත කරනු ලැබේ.

අන්තර්ජාලයෙනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...