පුහුණුවීම්වලට වඩා මානසිකත්වය හදාගන්න ඕන | දිනමිණ

පුහුණුවීම්වලට වඩා මානසිකත්වය හදාගන්න ඕන

හෙට දිනයේ පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩකයින්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශයේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන අද පැවසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ ක‍ළේය.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශයේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන.

සූදානම් වෙන්න කියලා අපිට ලොකු කාලයක් නැහැ.

අපිට ගිය තරගෙ ඉදලා දැන් වෙනකොට දවස් 02යි තියෙන්නේ.

මම හිතන්නේ පුහුණුවීම් කටයුතු වලට වඩා මානසිකත්වය හදාගන්න තමයි අපි මේ දවස් දෙකේදී කල්පනා කළේ.

කණ්ඩායම පුහුණුවීම් කටයුතුත් කරනවා.

පුහුණුකරුවන් වශයෙන් තව දුරට ත් ඔවුන් එක්ක කතා කරලා ඔවුනගේ මානසික තත්ත්වය තවදුරටත් ඉහල දාන්න තමයි බලන්නේ.

බලමු අපි හෙට මොකද වෙන්නේ කියලා.

අපි පොඩි පොඩි ටාර්ගට්ස් වගයක් දීලා තියෙනවා එගොල්ලන්ට.

බලමු හෙට තරගයේදි මොකද වෙන්නේ කියලා.

නව අදහස දක්වන්න