SLFP සංවත්සරය නිසා ගමනාගමනය සීමා වන මාර්ග | දිනමිණ

SLFP සංවත්සරය නිසා ගමනාගමනය සීමා වන මාර්ග

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය හේතුවෙන්, මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරේ.

ඒ අනුව හෙට පෙරවරු 11.00 සිට බේස්ලයින් මාර්ගයේ ඉන්ද්‍රම් මංසන්ධියේ සිට බොරැල්ල දක්වා මෙම මාර්ග සැළැසුම ක්‍රියාත්මක වනු ඇති.

මාර්ග තදබදය අවම කර ගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සිටියි.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සම්මේලනය සඳහා පෙර පුහුණුවක් ද අද සිදු කෙරිණ.

ඒ, එම සම්මේලනය පැවැත්වීමට නියමිත බොරැල්ල කැම්බල් පිටියේදීයි. 


නව අදහස දක්වන්න

Or log in with...