ගම්පහ චෙස් ශූරයා සෙනුත් | දිනමිණ

ගම්පහ චෙස් ශූරයා සෙනුත්

ගම්පහ දිස්ත්‍රික් චෙස් සම්මාන හා කුසලාන පිරිනැමීමේ උත්සවයේදී වසර 2016/17 අවුරුදු 9න් පහළ දක්ෂතම චෙස් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට මාකොළ සෝභිත විදුහලේ සෙනුත් සෙස්මිත ගුණතිලක සමත් විය.

විදුහල්පති තිලකරත්න ලියනගේ මහතාගේ දිරිගැන්වීම හා චෙස් ක්‍රීඩා භාර අංජුල මිලාන් මහතාගේ මනා කැපවීම හා මාර්ගෝපදේශකත්වය සෙනුත්ගේ මේ ජයග්‍රහණයට මනා පිටුවහලක් වී තිබෙන අතර චෙස් ක්‍රීඩාවට මෙන්ම පාසලේ අනෙකුත් ක්‍රියාකාරකම් වලටත් එකසේ දක්ෂතා දක්වන ඔහුගේ ඉදිරි ගමනට සැවෝම ශක්තිය ධෛර්ය හා සුබ ප්‍රාර්ථනා කරති. 

නව අදහස දක්වන්න