නියඟයෙන් පීඩාවට පත් පුත්තලමේ වැසියන්ට පානීය ජලය | දිනමිණ

නියඟයෙන් පීඩාවට පත් පුත්තලමේ වැසියන්ට පානීය ජලය

පුත්තලම දිස්ත්‍රික්කයේ නියගයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය ලබාදීමට වයඹ පළාත් ධීවර අමාත්‍යංශය පියවර ගෙන තිබේ. පානීය ජල අවශ්‍යතා ප්‍රදේශ හඳුනාගෙන බවුසර් රථ මඟින් ජලය බෙදා හැරීම සිදු කෙරන අතර අවශ්‍යතාව අනුව ජල ටැංකි ලබා දීමට කටයුතු යොදා තිබේ.

වයඹ පළාත් ධීවර ඇමැති සුමල් තිසේරා මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙරළ තීරයේ ජනතාවට පානීය ජලය බෙදා දුන් අයුරු ජයාරූප වල දැක්වේ.

ඡායාරූප -මිහිර විජේසේකර -මාරවිල සමුහ

නව අදහස දක්වන්න