අධිබල යතුරුපැදි මෙරටට ගෙන්වා ‍හොරෙන් අලෙවි කරන ජාවාරමක් | දිනමිණ

අධිබල යතුරුපැදි මෙරටට ගෙන්වා ‍හොරෙන් අලෙවි කරන ජාවාරමක්

මුහුණු පොතේ දැන්වීම් පළ කර ගෙන්වා ගන්නා ගැනුම්කරුවන් සමඟ මහමග දී ගනුදෙනු සිදු කර අධිබල ධාරිතාවයෙන් යුතු යතුරු පැදි විකිණීමේ ජාවාරමක තොරතුරු හෙළිකරගත් පල්ලෙවෙල පොලිසිය රුපියල් ලක්ෂ 25 පමණ වටිනා අශ්ව බල 750 ප්‍රමාණයේ යතුරු පැදි දෙකක් සමඟ සැකකරුවන් තිදෙනකු 31 සවස අත්අඩංගුවට ගනු ලැබීය.

හොර රහසේ මෙරටට ගෙන්වනු ලැබූ අධිබල ධාරිතාවයෙන් යුතු යතුරු පැදි එකලස් කර විකිණීමේ ජාවාරමක් පිළිබඳව පල්ලෙවෙල පොලිසියේ කොස්තාපල් 66443 නලින්ද මහතාට ලත් තොරතුරක් අනුව සිදු කළ සෝදිසියේ දී හාපිටිගම හා කල්එළිය උඩවෙල ප්‍රදේශයේ නිවාස දෙකක සඟවා තිබූ ඉතාලියේ හා ජපානයේ නිෂ්පාදිත යතුරු පැදි දෙකක් ඒවා ළඟ තබාගත් තරුණයන් හා ඔවුන්ට ලබාදුන් බව කියන තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

යතුරු පැදි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සවිකර තිබූ අංක තහඩු ව්‍යාජ ඒවා බව හෙළිවී ඇත. එම අංක තහඩු අලව්ව ප්‍රදේශයේ ලියා පදිංචි කළ යතුරු පැදියක අංකයක් බව ද මූලික පරීක්ෂණවල දී හෙළිවී ඇත. රුපියල් ලක්ෂ දහය පහළොව පමණ වටිනා යතුරු පැදි ඊට වඩා විශාල ලෙස අඩු මිලට මහමඟ දී විකුණා ඇතැයිද ඒවායේ ලියාපදිංචි සහතික ඉතිරි මුදල් ලබාදෙන අවස්ථාවේ දෙන බව පවසා ඇතත් ඉන් අනතුරුව ලබාදුන් දුරකථන අංකවලින් සම්බන්ධවීමට බැරි බව ද හෙළිවී ඇත.

මෙම ගනුදෙනුවල දී අවම තරමේ කුවිතාන්සියක් හෝ ලබා නොදීමට මෙම ජාවාරම්කරුවන් සූක්ෂම ලෙස කටයුතු කර ඇති බව ද හෙළිවී තිබේ. මෙම ජාවාරම මෙහෙයවීම පිටුපස රත්නපුර හා ජාඇළ පුද්ගලයන් දෙදෙනකු සිටින බව හෙළිවී ඇති අතර මේ හා සම්බනධ ජාලයේ සෙසු පුද්ගලයින් ගැන සොයා බැලීම සඳහා පොලිසිය පියවර ගෙන ඇත. හෙර රහසේ කොටස් වශයෙන් මෙරටට ගෙනවිත් ඒවා එකලස් කර මේ ආකාරයෙන් විකුණා ඇති බව ද මේවා ගෙන එන ද පුද්ගලයන් සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් පරීකෂණ පවත්වයි.

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර 

 

අදහස් 3ක් ඇත

Dinamina ane hdai oita wda toilet ekak kdan kapan issella bike gna igenagena passe article dpan boru thorathuru nodi media hathikare

මේක ලියල තියන එකා දන්න අම්මගෙ රෙද්ද..කොහෙද කාලකන්නි බල්ලො cbr gulam එක 750cc උනේ..දන්නැති රෙද්දවල් කියනව මෙතන.playboy kit එක තිබ්බට 750cc උනේ මොනරටේද යකෝ දන්නැතුව කියවනව...මේ බොරු කියන එකාගේ පවුලුත් එක්ක හැදිගෑවිලා යන්න ඔනේ... අහින්සක කොල්ලන්ව බොරු ලියල අමාරුවෙ දාන්ව..

this is total BS that is a CBR250RR NC22 (250CC) and a MV Agusta 750 F4 Brutale 750 is the CC not the HP what type of a inbred wrote this article the damn oxymoron don't know the difference between cubic capacity (CC) and horsepower (HP) and not one of them cost Rs2.5M even if you combine the price you will still not going to get the Rs2.5M and who cares if someone has a HC bike ? they just ride them for fun did the police finish catching all the criminals

නව අදහස දක්වන්න