පොලිස් විශේෂ කාර්ය බළකායේ 33වැනි රණවිරු ගුණ සමරුවට අනුරපුරේදී පින්කම් | දිනමිණ

පොලිස් විශේෂ කාර්ය බළකායේ 33වැනි රණවිරු ගුණ සමරුවට අනුරපුරේදී පින්කම්

පොලිස් විශේෂ කාර්ය බළකායේ 33වැනි රණවිරු ගුණ සමරුව නිමිති කර ගනිමින් ඉකුත් දෙදින තුළ අනුරාධපුරයේදි පින්කම් රැසක් සිදුකෙරිණි.

ඒ අනුව 31 සවස මිය ගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින්රුවන්වැලි මහා සෑය අභියසදී ධර්ම දේශනයක් සිදු කළ අතර 1 උදෑසන ශ්‍රි මහා බෝධිය අභියසදී කිරි ආහාර පුජාවක්ද පැවැත්විණි.අනතුරුව ශිෂ්‍යත්ව ප්‍රදානයක් හා ලේ දන් දිමේ පින්කමක් සිදු කැරිණි.පසුව තිස්තුන්නමක්(33)උදෙසා දහවල් දානමය පින්කමක්ද පැවැත්වීය.

යුද්ධයේදී 1984 වර්ෂයේ සැප්තැම්බර් පළමු දින පොලිස් විශේෂ කාර්ය බළකායේ පළමු සෙබළා මිය ගොස් ඇති අතර එය සිහිකරමින් වාර්ෂිකව මෙම පිංකම් එම බළකාය මඟින් සිදුකරනු ලැබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතාගේ උපදෙස්මත මෙය සිදු කෙරිණි.

කටුකැලියාව විද්‍යාලයේ ආචාර්ය නාරම්පනාවේ නන්දරතන හිමියන් විසින් ධර්දේශනය සිදු කළ අතර උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සඳුන්ගහ වත්ත මහතා ඇතුළු උසස් නිලධාරීහු රැසක්ද රණවිරු පවුල්වල විශාල පිරිසක්ද එක්ව සිටියහ.

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර මධ්‍යම සමුහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...