රංදෙණිගම ඔසු උ‍යනේ ගස් කපා ඇද්ද 4ක් අල්ලයි | දිනමිණ

රංදෙණිගම ඔසු උ‍යනේ ගස් කපා ඇද්ද 4ක් අල්ලයි

ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් රංදෙණිගම ඔසු උ‍යනේ තිබූ වටිනා ගස් රැසක් කපා එම ආයතනයේම ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කළ සේවකයන් තුන් දෙනකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිකවැරටිය පොලිසියේ අපරාධ අංශය සමත් වී තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කරන විට දැව ප්‍රවාහනය කරමින් තිබූ අතර එම දැව සමඟ ඔසු උයනට අයත් ට්‍රැක්ටරය සහ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව පෞද්ගලික ස්ථාන කිහිපයක සඟවා තිබූ දැව කොට රැසක් පොලිසිය සොයාගෙන ඇත. ජාවාරමට සම්බන්ධ ඔසු උයනේ ආරක්ෂක නිලධාරියකු සහ තවත් සේවකයකුද දැව සඟවා තැබීමට සහය දුන් පිටස්තර පුද්ගලයකුද අත්අඩංගුවට පත් වී ඇත.

වාරියපොල සමූහ
ඡායාරූපය - වාරියපොළ සමූහ

නව අදහස දක්වන්න