නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් | දිනමිණ

නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත්

පවතින අධික වැසි සමග දිස්ත්‍රික්ක 04කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, නාය යාමේ අවදානම හේතුවෙන් යටියන්තොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් කිහිපයක් ඉවත් කර ඇති බවයි.

කෑගල්ල, කළුතර , රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර පවතින අ‍ධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන සහ කුකුලේ ගඟ ජලාශවල වාන් දොරටුව බැගින් විවෘත කර ඇත.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි සඳහන් කළේ, පහළ ජල ධාරා ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි.

නව අදහස දක්වන්න