පොලිස් වෙඩි පහරින් සැකකරුවෙක් බදුල්ල රෝහලට | දිනමිණ

පොලිස් වෙඩි පහරින් සැකකරුවෙක් බදුල්ල රෝහලට

පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බදුල්ල මහ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රි කන්දෙකැටිය මකුල්ගොල්ල ප්‍රදේශයට ගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී සැකකරු සතුව ගල්කටස් වර්ගයේ ගිනි අවියක් තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, එම අවස්ථාවේදී පොලීසිය සැකකරුට වෙඩි තබා ඇති බවයි.

සැකකරුට ස්ති දූෂණ චෝදනාවක්, වරෙන්තු 02ක්, ඇති අතර ඔහු මීට පෙර බන්ධනාගාරයෙන් පලා ගිය සැකකරුවෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...