ඌරණි විද්‍යාලයට අයත් පර්චස් 39.19 ක් නිදහස් | දිනමිණ

ඌරණි විද්‍යාලයට අයත් පර්චස් 39.19 ක් නිදහස්

ශ‍්‍රි ලංකා යුධ හමුදාව ආරක්‍ෂක හේතූන් මත මෙතෙක් කලක් භාවිතා කල ඌරණි කණිෂ්ඨ විද්‍යාලයට අයත් පර්චස් 39.19 ක භූමි ප‍්‍රමාණයක් සහ එම පාසලේ ගොඩනැගිල්ල නැවත ප‍්‍රදේශයේ සිවිල් ජනතාවගේ පරිහරණය සදහා මුදාහැරීමේ උළෙල අද උදෑසන එම පාසල් භූමියේදී පැවැත්විණි.
 
ඒ ඌරණි ප‍්‍රදේශයේ නැවත පදිංචිකළ ජනතාවගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේ අරමුණෙනි.
 
යාපනය, ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරචිචි, 51 වන සේනාංකාධිපති, මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා ප‍්‍රමුඛ යුධ හමුදා නිලධාරින් සහ අතිරේක දිස්ත‍්‍රික් ලේකම් (ඉඩම්) එස්. මුරලිතරන්, තෙලිප්පලෙයි ප‍්‍රාදේශිය ලේකම් එස්. ශිවශ‍්‍රි  ඇතුලු ප‍්‍රදේශයේ අධ්‍යාපන බලධාරින් පිරිසක් මේ සදහා සහභාගි විය.
 
යුධ හමුදාව විසින් මෙම පාසල සිවිල් ජනතාවගේ පරිහරණය සදහා මුදාහැරීමෙන් අනතුරුව නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර පාසල සංවර්ධනය කිරිමට නියමිතව ඇත.
 
 

අදහස් 1ක් ඇත

did you see the pigeon over the building in last photo.......

නව අදහස දක්වන්න