මැලිබන් ප්‍රථම වරට දරුවන් සඳහා විශේෂ බිස්කට් වර්ගයක් හඳුන්වා දෙයි | දිනමිණ

මැලිබන් ප්‍රථම වරට දරුවන් සඳහා විශේෂ බිස්කට් වර්ගයක් හඳුන්වා දෙයි

වසර 65 කට අධික කාලයක් තිස්සේ බිස්කට් ලෝලීන්ට අසමසම රසයෙන් යුතු බිස්කට් වර්ග රාශියක් තිළිණ කළ මැලිබන් සමාගම ප්‍රථම වරට දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ බිස්කට් වර්ගයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. ABC Learnies Biscuits ලෙස නම් කර ඇති මෙම බිස්කට් ඉංග්‍රීසි හෝඩියේ අකුරු ආකාරයට සකස් කර තිබේ.

මෙය හදූන්වාදිමේ උත්සවය පසුගිය දා රත්මලානේ දී පැවති අතර එහිදී වයස අවුරුදු 3 සහ ඊට ඉහළ වයස් කාණ්ඩයේ පසුවන දරුවෝ මෙම බිස්කට් වලින් විශේෂ ඉගෙනුම් ක්‍රියාකාරකම් වල නිරත වූහ. දරුවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී පැයකට අධික කාලයක් විවිධ ක්‍රියාකාරකම් වලට සහභාගී වෙමින් නැටුම් හා ගැයුම් වලින් විනෝද වීමටද එම දරුවන්ට අවස්ථාව හිමි විය.

ABC Learnies Biscuitsවල ෆෝලික් අම්ල, යකඩ සහ කැල්සියම් අඩංගු නිසා එය වැඩෙන දරුවන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි ආහාරයක් වන අතරම ඉතාමත් ප්‍රණීත කිරි රසයකින් යුක්ත වේ.

මැලිබන් සමාගමේ කාණ්ඩ කළමනාකරු සමන්ත පුෂ්පකුමාර මහතා පැවසුවේ මෙතරම් දරුවන් පිරිසක් මෙතරම් ආශාවෙන් මෙම නව බිස්කට් වර්ගය රසවිඳිනු දැකීම තමන්ට මහත් සතුටක් වූ බවයි. “මෙවැනි බිස්කට් වර්ගයක් ශ්‍රී ලංකාවේදී දියත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස හැඳින්වීමට පුළුවන්. අකුරු වල හැඩය සහිත බිස්කට් නිර්මාණය කිරීම මගින් කුඩා දරුවන් වඩාත් සතුටින් ඉගෙනුම කරා යොමුකරවීමට හැකිවනු ඇති බව අප සිතුවා. මෙමගින් දරුවන්ට ආහාර දෙන අතරම ඔවුන්ව ඉගෙනුම් ක්‍රියාකාරකම් වල නිරත කරවීමට අවස්ථාව ලැබෙන නිසා මෙය දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් ඉමහත් පහසුවක් වේවි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...