ශ්‍රී ලංකා ඉන්දියා සංගමය ඉන්දියා නිදහස් දිනය සමරයි | දිනමිණ

ශ්‍රී ලංකා ඉන්දියා සංගමය ඉන්දියා නිදහස් දිනය සමරයි

ශ්‍රී ලංකා ඉන්දියා සංගමය විසින් ඉන්දියාවේ 70 වෙනි නිදහස් දිනය නොබෝදා කොළඹ දී ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමති සරත් අමුණුගම මහතා සහහාගී වු අතර ඉන්දියා මහකොමසාරිස් ටරන්ජිත් සිං සන්දු මහතා ඇතුළු බොහෝ විද්වත්හු රැසක් මේ සඳහා සහහාගී වූහ.

ඉන්දියාවේ ව්‍යාපාර කටයුතු පිළිබඳ විශිෂ්ටතම ලේඛකයෙකු මෙන්ම ලොව පුරා සේවකයින් 15,000 කට අධික සංඛ්‍යාවක් සේවය කරන Mindtree සමාගම ආරම්හ කරන ලද ව්‍යවසායකයා වන සුබරොටෝ බැග්චි මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්විය. විශේෂ කාර්යභාර ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පොදුවේ බෙදාගන්නා ලද ඓතිහාසික උරුමයන් පිළිබඳ ඇති කරගත් සමීප සම්බන්ධතා මෙන්ම ජාතික ගීයේ සමානකම් හා ඔහුගේ දිගුකාලීන දේශපාලන දිවිය තුළ ඔහු දුටු දෙරට අතර සමීප සම්බන්ධතා ඇතිවු අවස්ථාද මෙහිදී අවධාරණය කළේය.

මෙම උත්සවය ඇමතු ඉන්දියා මහකොමසාරිස් ටරන්ජිත් සිං සන්දු මහතා පවසා සිටියේ 2017 දි ඉන්දියාව පෙර දශකයට වඩා බෙහෙවින් වෙනස් බවයි. ඉන්දියාවේ ජනගහනයෙන් 50% ක්ම අවුරුදු 25 ට අඩු බැවින් නව්‍යකරණය , ව්‍යවසාය හා වර්ධනය සඳහා එය ඉවහල් වන බව ඔහු කියා සිටියේය. මෑත ඉතිහාසයේ දෙරට අතර සමීප සම්බන්ධතා මෙන්ම අදාළ නායකයන් විසින් කරන ලද සුවිශේෂී සංචාරයන් හා ආර්ථික මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ සිදුකරන වැඩසටහන් හා අවශ්‍ය අවස්ථාවන් වලදි මානුෂීය ආධාර සැපයීම යනාදිය පිළිබඳ මෙහිදී ඔහු අවධාරණය කළේය.

නව අදහස දක්වන්න