ඩෙංගු මර්දනයට වෝටර්ස් එජ් දායකත්වය | දිනමිණ

ඩෙංගු මර්දනයට වෝටර්ස් එජ් දායකත්වය

රෝහල්වල ඉඩ පහසුකම් නැති තරමට ජනතාව පිඩාවට පත් කරමින් ඩෙංගු උවදුර ශීඝ්‍රයෙන් පැතිරී යන කාලයක ජාතියක් වශයෙන් බොහෝ දෙනකු ඩෙංගු උවදුර මුලිනුපුටා දැමීමේ දැවැන්ත උත්සාහයක යෙදී සිටින අතර වෝටර්ස් එජ් ද ඒ සඳහා එක්වෙමින් හෝටල් කාර්ය මණ්ඩලය හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. ඩෙංගු උවදුර වූ කලී හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවන බවත්, සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු ගැටලු සහගත තත්ත්වයක් බවට අවබෝධ කරගත් වොටර්ස් එ්ජ් සභාපති චමත් ද සිල්වා මහතා, බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අදහසකට අනුව මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ද ඇතුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ ‘වෝටර්ස් එජ් ඩෙංගු නිවාරණ වැඩසටහන’ යටතේ ක්‍රියාත්මක කෙරීය.

මෙරට සංචාරක කර්මාන්තයේ වගකිවයුතු ආයතනික පුරවැසියකු හා නියෝජිතයකු ලෙස වෝටර්ස් එ්ජ් මෙම ඩෙංගු නිවාරණ වැඩසටහනෙහි පුරෝගාමියකුව කටයුතු කරන අතර, ඩෙංගු මර්දන සහ වැළක්වීමේ ක්‍රම පිළිබඳ කාර්ය මණ්ඩලය හා මහජනතාව දැනුවත් කිරීම හා ඩෙංගු මර්දනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා ද ඔවුන් මූලික පියවර ගෙන ඇති බව උත්සවය අමතා වෝටර්ස් එ්ජ් සභාපති චමත් ද සිල්වා මහතා පැවැසීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...