Mom, Me and My Milo පාපැදි සවාරිය ළමයින් දහසකගේ සහභාගිත්වයෙන් | දිනමිණ

Mom, Me and My Milo පාපැදි සවාරිය ළමයින් දහසකගේ සහභාගිත්වයෙන්

උත්සවය සැමරීමට ළමුන් 1,000කට වැඩි සංඛ්‍යාවක් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ එක්වූහ. ක්‍රීඩා අමාත්‍යංශ පිටියේ සිට කොළඹ නගරය වටා පාපැදි සවාරියේ යෙදුණු ඔවුහු නැවතත් එම ස්ථානයටම පැමිණි අතර එහිදී සමාප්ති උත්සව සැණකෙළිය තවදුරටත් පැවැත්විණ.

මෙය, අඛණ්ඩව පැවැත්වුණු Mom, Me and My Milo ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ තෙවැන්න වූ අතර එය මේ වසරේ මැයි සිට ජුනි දක්වා ක්‍රියාත්මක විය. මයිලෝ රසවිඳින ළමුන් තම මව හා මයිලෝ පැකට්ටුවක් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගෙන එවීමෙන් කුසපත් ඇදීමට එක් වූ අතර, මයිලෝ සන්නාමය රැගත් බයිසිකල් පිරිනැමීමට, ජයග්‍රාහකයින් 1, 000ක් ඒ අතුරින් තෝරා ගන්නා ලදී.

නෙස්ලේ සමාගමේ පාන වර්ග අංශයේ උප සභාපති නෝමන් කන්නන්ගර මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “නිසි පෝෂණය හා ක්‍රියාශීලී ජීවන රටාවක වැදගත්කම අවධාරණය කරන සන්නාමයක් ලෙස අපිට අවශ්‍ය වුණේ මේ ප්‍රවර්ධන වැඩසටහන, විනෝදය පිරුණු බයිසිකල් සවාරියකින් නිමා කිරීමටයි. ක්‍රියාශීලී ජීවන රටාවක් හරහා විනෝදයක් ද ලබන්න පුළුවන් බව ළමුන්ට අවබෝධ කරදීම අපේ අරමුණ වුණා. බොහෝ ළමුන්ට, විනෝදය ගෙන දෙන ක්‍රියාකාරකමක් වන බයිසිකල් පැදීම හරහා, තම පවුලේ සාමාජිකයින් සමඟම නීරෝගිමත් ජීවන රටාවක් ගත කිරීමට ළමුන්ව පෙළඹවීම අපේ බලාපොරොත්තුව වුණා. වසරක් පාසා මෙම වැඩසටහනට ලැබෙන පාරිභෝගික ප්‍රතිචාර පිළිබඳ අපට ඇත්තේ විශාල සතුටක්. මයිලෝ සන්නාමය කෙරෙහි ඔවුන් සතු විශ්වාසය හා කැමැත්ත ඉන් මනාව පිළිබිඹු වෙනවා”. 

නව අදහස දක්වන්න