ලස්සන පෑන් රඳවනයක් හදමු | දිනමිණ

ලස්සන පෑන් රඳවනයක් හදමු

පුතාගෙ දුවගෙ පෑන්, පැන්සල්,කතුරු, අඩි රූල් ගේ පුරා තැනින් තැන. අවශ්‍ය වෙලාවට හොයා ගන්නත් නෑ. අම්මලා, තාත්තලා වගේම දුවලා පුතාලත් බොහෝ වෙලාවට කාර්යබහුලයි. පාසල් යනවා එනවා. සෙල්ලම් කරනවා, ගමන් යනවා. ඒ නිසා නිවෙස පිළිවෙළක් නෑ.

ඉහත කළමනා ටික එක තැනක තිබෙනවා නම් කොයි තරම් පහසුද? නිවෙසේදී ම පෙන් හෝල්ඩර් එකක්, නැත්නම් පෑන් රඳවනයක් හදා ගන්න විදිය ගැනයි ‍මේ කියන්න යන්නේ. හරියටම කිව්වොත් පෑන් පැන්සල් විතරක් නෙමෙයි, සුබ පැතුම්පත්, කුඩා පොත්, ගම් බෝතල්, ස්ටෙප්ලර්, බුක් මාර්ක්ස්,සෙලෝටේප්, යතුරු වගේ ඕනෑම දෙයක් මෙහි බහාලන්න පුළුවන්.

මේ සඳහා තමන් කැමැති ප්‍රමාණයට කාඩ් බෝඩ් පෙට්ටි දෙකක්, ඡායාරූපයේ පෙනෙන පරිදි සිලින්ඩරාකාර කාඩ්බෝඩ් හෝ ටින් රෝල් දෙකක් තුනක්, ලෑල්ලක්, හොඳින් ඇලවෙන ගම්, පාට රටා විසිරුණු රෙදි හෝ කඩදාසි කිහිපයක් මේ සඳහා අවශ්‍ය වෙනවා.

මුලින්ම ලෑල්ල ලස්සන රෙදි හෝ කඩදාසි කැබැල්ලකින් ආවරණය කර ගන්න. දැන් කාඩ් බෝඩ් පෙට්ටි සහ සිලින්ඩර කොටස් තමන් කැමැති පරිදි ලෑල්ලට තබා අලවා ගන්න. මේ සියල්ලම තමන් කැමැති රෙදි හෝ කාඩ් බෝඩ්වලින් ආවරණය කරන්න. දැන් ලෙහෙසියෙන්ම පෑන් රඳවනය ඔබේ අතේ.

චින්තා රණසිංහ 

නව අදහස දක්වන්න