සිරුරට ගුණ පොප් කෝන් | දිනමිණ

සිරුරට ගුණ පොප් කෝන්

පොප් කෝන් යනු, විනෝද ගමනක් යද්දි, විත්‍රපටයක් බලන්න යනවිට,බහුලවම ආහාරයට ගන්න ක්ෂණික ආහාරයකි. පොඩි අයට මේවා තියෙනවා නම්, වෙන මොනවවත් අවශ්‍ය ‍වන්නේ නෑ. එහෙත්, ඒවායේ ‍ අප නොදන්නා පෝෂණ ගුණ රැසක් ඇත. පොප් කෝන්වල ෆයිබර්, විටමින් B, විටමින් E , ඇන්ටිඔක්සයිඩ්, මැංගනීස් මෙන් ම, මැංග්නීසියම් යනාදී පෝෂණ සංඝටක බොහෝ ප්‍රමාණයක් ඇත.මේ අතරින් පොප් කෝන්වල වැඩි වශයෙන් ඇත්තේ ෆයිබර් ය. එම නිසා, වයස ඉක්මවා යෑමෙන් පසු හට ගන්නා බොහෝ රෝග සඳහා පොප් කෝන් ගුණදායක ය. ඒවා ආහාරයට ගැනීම මගින්,

1. කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු වේ

පොප් කෝන්වල අඩංගු ෆයිබර් පෝෂණ සංඝටකය මඟින්, රුධිරයේ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය පාලනය වේ. හදිසි හෘදයාබාධ නිරත වැළඳීමේ අවදානම ඇති රෝගීන් සඳහා ද මේවා වඩාත් යෝග්‍ය ය. දීර්ඝ කාලයක් සිරුරේ තෙල් තැන්පත් වීමෙන් ඇතිවන රෝගී තත්ත්ව අවම කිරීමට, පොප් කෝන්වල අඩංගු තන්තුවලට හැකියාව ඇත. බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ, ආතරයිටිස් වැළඳී ඇති රෝගීන් සඳහා මේවා යෝග්‍ය ආහාරයක් බව ය.

2.රුධිරයේ සීනී ප්‍රමාණය අඩු වේ

දියවැඩියා රෝගීන්ට ක්ෂණික ආහාර කිසිදු විටෙකවත් වෛද්‍යවරුන් අනුමත නොකරයි. එහෙත්, දියවැඩියාව වැළඳී ඇති රෝගීන් සඳහා පොප් කෝන් සුදුසු බව බටහිර වෛද්‍යවරු නිර්දේශ කර ඇත. එමෙන් ම, මෙවැනි රෝගීන්ට ඉදිරි කාලයේ දී වැළඳීමට ඉඩ තිබෙන මාරාන්තික රෝගවලින් ආරක්ෂාවී සිටීමට ද මේ මඟින් හැකියාව ලැබේ.

3‍. පිළිකා රෝගීන්ට ගුණදායක ය

පොප් කෝන්වල අඩංගු ඇන්ටිඔක්සයිඩ මඟින් පිළිකා වැළදීමේ අවදානම අවම කෙරේ. පිළිකා වැළදී ඇති රෝගීන්ට තම රෝගය තරමක් දුරට යහපත් තත්ත්වයට පත් කිරීමේ හැකියාව ද ඇත. බටහිර වෛද්‍යවරුන් තම පර්යේ්ෂණ මඟින් සොයා ගෙන ඇති පරිදි, පොප් කෝන් මඟින්

පිළිකා සෛල වර්ධනය සීමා කරයි. එමනිසා, ක්ෂණික ආහාරයක් වුවත් මෙය පිළිකා රෝගීන්ට හිතකර ය. එසේ වුව ද අධික සීනි, ලුණු දැමු පොප් කෝන් මේ රෝගීන්ට හිතකර නොවේ.

4. වයසට යෑම සීමා කරයි

මෙහි අඩංගු ඇන්ටිඔක්සයිඩ මඟින්, තරුණ බව දිගු කාලීනව රඳවා ගත හැකි ය. අස්ථි පද්ධතියේ අකර්මණ්‍යතා ඉක්මනින් සුව වීම, ඇටමිදුළු ශක්තිමත් වීම ,සම රැළි වැටීම, මුහුණ එල්ලා වැටීම ,හිසකෙස් හැලී යාම යනා දී තත්ත්ව අවම වීම ද මේ මඟින් සිදු වේ. එමෙන් ම,ඔස්ටියෝපොරෝසිස් වැනි වයස්ගත වීමෙන් ඇතිවන රෝග ද අවම කර ගත හැකි ය.

5. සිරුරේ බර අඩු වේ

පොප් කෝන් කෝප්පයක කැලරි 30 ක් ඇති බව වෛද්‍ය පර්යේෂණ මඟින් අනාවරණය කරගෙන තිබේ. මේ කැලරි ප්‍රමාණය මඟින් සිරු‍රේ වර්ධනයට බලපාන හෝමෝනය, මනා පාලනයකින් යුක්තව පාලනය කරයි.

එසේ වුවත්, පොප් කෝන් ආහාරයට ගැනීමේ දී අධික සීනි, පැණි,වර්ණක මෙන් ම ලුණු දැමු ඒවා පමණට වඩා ආහාරයට නොගැනීමට මතක තබා ගත යුතු ය. දියවැඩියාව සහ කොලෙස්ට්‍රරෝල් වැළඳී ඇති රෝගීන්ට සුදුසු වන්නේ, රසකාරක නොදැමු පොප් කෝන් ය.

 

අන්තර්ජාලය ඇසුරිනි

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න