දිගු කෙස් කලඹකට බොම්බයි ලූණු යුෂ පාවිච්චි කරන්න | දිනමිණ

දිගු කෙස් කලඹකට බොම්බයි ලූණු යුෂ පාවිච්චි කරන්න

පංච කල්‍යාණයෙන් එකක් වන කෙස් කලඹ දිග නම්, එය කාන්තාවකට අනගි ආභරණයකි. දිගු කෙස් කලඹක් ලබා ගැනීම සඳහා ස්වභාවික සත්කාර බොහොමයක් ඇත. ඒ අතරින් එකක් ලෙස බොම්බයි ලූණු යුෂ මඟින් කෙරෙන සත්කාරය සඳහන් කළ හැකි ය.ඒ සඳහා,පළමුව බොම්බයි ලුණු ගෙඩියක් ගෙන පොතුහැර, එය කැබැලිවලට කපා බ්ලෙන්ඩරයක දමා යුෂ වශයෙන් ගත යුතු ය.

එම යුෂ ගෙන හිසකෙස් මුල් සහ හිස් කබල හොඳින් සම්භාහනය කිරීම අත්‍යවශ්‍ය වේ . එලෙස විනාඩි 30- 45 වැනි කාලයක් හිස හොඳින් සම්භාහනය කළ යුතු ය. ඉන් පසු ෂැම්ෂු වර්ගයක් දමා, හිස පිරිසුදු කළ යුතු ය.මේ ලුණු යුෂ මඟින් හිස සම්භාහනය සතියකට දෙවරක් පමණක් කිරීම සුදුසු බව බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.

පළමුව, ලූණු යුෂ මේස හැන්දක් ,පොල් තෙල් මේස හැඳි දෙකක් සහ ඔබ කැමැති තෙල් වර්ගයකින් ( හිසකෙස්වලට ගල්වන) බිංදු කිහිපයක් දමා, මිශ්‍රණයක් සකසා ගත යුතු ය.ඉන් පසු මේ මිශ්‍රණය ගෙන හිස් කබලෙහි ගල්වා, පැයක් හෝ පැය දෙකක් පමණ හොඳින් සම්භාහනය කළ යුතු වේ.මෙය සිදු කළ යුත්තේ සතියකට එක් වරක් පමණි. ලූණු යුෂ මේස හැඳි දෙකකට මී පැණි මේස හැන්දක් ‍මිශ්‍ර කිරීමෙන් සාදා ගත් ද්‍රාවණය හිසකෙස්වල ගල්වා, විනාඩි 15ක් පමණ තබා, ඔබ කැමැති ෂැම්පු වර්ගයක් ගල්වා පිරිසුදු කළ යුතු ය. මේ ක්‍රමය ද සිදු කළ යුත්තේ සතියකට වරක් පමණි.

අන්තර්ජාලය ඇසුරිනි

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න