අක්මාව නීරෝගී කරන ආහාර | දිනමිණ

අක්මාව නීරෝගී කරන ආහාර

අක්මාව මඟින්, ශරීරයට ඇතුළු වන විෂ වර්ග ඉවත් කර, හෝමෝන නිපදවයි. එමෙන් ම, ආහාර ජීර්ණයට ද දායකත්වයක් දක්වයි. එනිසා, අක්මාව නීරෝගීව පවත්වා ගැනීම අප සැමගේ වගකීමකි. එබැවින්, අක්මාව යහපත් අයුරින් තබා ගැනීමට සුදුසු ආහාර අප කෑමට ගත යුතු ය. මේ එබඳු ආහාර වර්ග කිහිපයකි.

බ්‍රොකොලි - මේවායේ ඇති කොළ පැහැයට හේතු වී ඇත්තේ, එහි අන්තර්ගත හරිතලව හා ප්‍රතිඔක්සිකාරකයි. තන්තු බහුල ආහාරයක් වන මේ මඟින්, ශරීරයේ විෂ ඉවත් කරයි. එමෙන් ම, එන්සයිම නිපදවීමේ ක්‍රියාවලියට ද ඒවා උපකාරී වේ.

බීට්රූට් - මේවා මඟින් ඔබගේ රුධිරය පිරිසුදු කරයි. අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි රවයි. තන්තුවලින් පොහොසත් වගේම, ප්‍රතිඔක්සිකාරක, යකඩ හා තවත් බොහෝ පෝෂ්‍ය පදාර්ථවලින් ද අනූන වේ.

ධාන්‍ය - මේවායේ ද විෂ බැහැර කරවන තන්තු බහුලව ඇත. ශරීරය තුළ ප්‍රෝටීන නිපදවීම ද සිදුවේ.

දෙහි- විටමින් සී හා ප්‍රතිඔක්සිකාරක බහුල බැවින්, අක්මාවේ ක්‍රියාකාරීත්වයට ආධාර කරයි. විෂ බැහැර කරවයි. ජීර්ණය හා බහිස්‍රාවය පහසු කරවයි.

ඇපල් - මේවා මඟින් ශරීරයට පෙක්ටීන් මෙන් ම තවත් ශරීර අභ්‍යන්තරය පිරිසුදුකරවන පදාර්ථ ලැබදේ.

බතල- බතලවල බීටා කැරොටීන් අන්තර්ගත වේ. එමෙන් ම, මෙය අක්මාවට හිතකර ආහාරයකි.

ලූණු - ලූණුවල අන්තර්ගත ඇලිසින් නිසා, එය ජීර්ණ පද්ධතියට හා අක්මාවට හිතකර වේ.

සුදුලූණු- මේ මඟින් ද අක්මාවට බෙහෙවින් හිතකර ඇලිසින් දායක කරයි. සුදුලූණු මඟින් රුධිරය පෝෂණය කරවනවා මෙන් ම, පිරිසුදු කරවයි. එය ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ද යහපත් ය.

අලිගැටපේර- අලිගැටපේර මෙන් ම ආමන්ඩ් හා වල්නට්ස්වල ද ශරීරයට අවශ්‍ය, හිතකර මේද වර්ග අඩංගු වේ.

ගෝවා- මේවා ද අක්මාව නිරෝගීව පවත්වාගෙන යාමට දායක වේ.

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

 

නව අදහස දක්වන්න