බය සුව කරන හොඳම විදිහ | දිනමිණ

බය සුව කරන හොඳම විදිහ

එක් දෙයක් හැර, අනෙක් හැම අතින්ම, සීමා රහිතව මිහිකත පාලනය කිරීමේ හැකියාව සොබාදහම විසින් මිනිසාට උරුම කර දී තිබෙනව. ඒ තමයි තමාගේම සිතුවිල්ල; චිත්තාව හෙවත් කල්පනාව මිනිසා විසින් නිර්මාණය කරන සෑම සියලු දෙයම මුලපුරන්නේ සිතුවිල්ලක් විදිහට. මේ සත්‍යයන් දෙක එකට එකතුව ගත් විට, බිය ගැන තව අදහසක්ද මතුවෙනව.

කීර්තියක් ඇති බ්‍රිතාන්‍ය ව්‍යවච්ඡේද (මිනිස් සිරුරේ ව්‍යුහය පිළිබඳ) ගුරුවරයකුගෙන් ශිෂ්‍යයෙක් මෙහෙම ඇහැව්වා. ‘සර් , බය සුවකරන්න පුළුවන් හොඳම විදිය මොකක්ද?’ ‘තවත් කෙනෙකුට හොඳක් කිරීමට උත්සහ කරන්න’ ගුරුවරයා උත්තර දුන්නා.

මේ පිළිතුරෙන් සෑහෙන විස්මයකට පත් ශිෂ්‍යයා තවදුරටත් සත්‍යාවබෝධය පිණිස පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි විට ගුරුවරයා මෙලෙස පැවසුවා.

‘එකම මොහොතෙ - එකට; එකිනෙකට විරුද්ධ සිතුවිලි දාම දෙකක් ඔබේ මනසේ එකවර තබා ගන්න බෑ. එක් සිතුවිලි දාමයක් නිතර පරිශ්‍රමය දරන්නේ විරුද්ධ එක පලවා හරින්න. උදාහරණයක් දක්වතොත් ; ඔබේ මනස සම්පූර්ණයෙන්ම අනෙකෙකුට උපකාර කිරීමේ පරාර්ථකාමී අදහසින් පිරී තිබෙන විට, ඒ මොහොතේම ඔබේ මනසෙ බිය ලැඟුම් ගෙන සිටින්න පුළුවන්කමක් නැහැ.

‘වයසට වඩා බොහෝ’ ඉක්මනින් ලේ වියළි කරන්න කනස්සල්ලට පුළුවන්’ නූතන සමාජය නොනැවතී ඉදිරියටම පවත්වාගෙන යන ස්වාභාවික නැමියාව බවට පත්ව ඇත්තේ බිය, දුක හා කාංසාවයි. නමුත් මානව ජීවියාගේ අපරාජිත සතුරන් බවට පත්වී ඇත්තේ බිය හා දිග්ගැහෙන කනස්සල්ලයි.

බිය, මූලික සිද්ධාන්තයක් හෝ ක්‍රියාත්මක බවට පෙළඹීම් ඇති කරන්නක්; දුෂ්ට, පාපිෂ්ට හා පීඩාකාරීත්වයේ බහුවිධ ස්වරූපය ආරම්භයේ සිටම පෙන්වන්නක්. මිනිස් අසතුට යනු සුවකළ නොහැක්කක්ය යන මතය සෙමිටික් (හීබෲ හා අරාබි පරම්පරාවේ) මනස තුළ පැළ කරන ලද්දේ ඔවුන්ගේ නිර්මාපක දෙවි විසින්. ඉතින් බොදුනුවන්ට බිය වීමට කාරණයක් නැතත් චරිතයට වන අපකීර්තිය, අවනම්බුව හෝ කැළල පිළිබඳ කලබල වීමට හේතු පැන නැ‍ඟෙන්නේ, තම සමබල කිරීමේ බලය හා නිවැරදි ක්‍රියාවලින් පිට පනින විටදීයි. එහෙත් තම සුහද බැඳුම් කරදරකාරී මූලයන් ලෙස බර තැබීමට බොදුනුවා පෙළඹීම් ලබන්නේ නැහැ.

අනෙකුත් ඇතැම් ආගම් විසින් ගැලවීම හෝ මිදීම සඳහා මූලික අවශ්‍යතාවය ලෙස ඇදහිල්ල හෝ භක්තිය ඉල්ලා සිටියත් බොදුනුවන් හට නම් නිවන සඳහා කවරකු හෝ කවරෙකු සඳහා ඇදහිල්ලක අවශ්‍යතාවයක් නැති අතර තමන්ගේ නිවන සඳහා අවශ්‍යවන්නේ තමන්ගේම චර්යා හෙවත් හැසිරීම් පමණයි. එම නිසා ධර්මය දැක එය වටහා ගැනීමත් සමඟම ධර්මයේ ආලෝකයෙන් බියෙහි ඇති සියලු අක්මුල් පුපුරවා හරිනු ඇත.

අනෙක් අය සතුටු කරන්නේ කෙසේදැයි ඔබ ඉගෙනගෙන ඇත්නම් ඔබ හැම විටම ප්‍රිතීමත්, විනෝදකාමී, ප්‍රසන්න (jolly good mood) තැනැත්තෙක් වේවි. ඊට හේතුව තමයි, දුක් කනස්සලුවලට ලැඟුම් ගැනීමට ඔබේ මනසෙ ඉඩක් නැතිකම.

‘ඊර්ෂ්‍යාව, වෛරය හා බිය ජීවන ඇබ්බැහියක් වූ විට, ඔබ අන්තයටම රෝගී කරන්න, මේ තුන් කට්ටුවට හොඳටම ඉඩ තියෙනවා’ මෙලෙස පවසන්නෙ ප්‍රකට වෛද්‍යවරයකු වන අලෙක්ෂිස් කැරල් අසුබවාදී සිතුවිලිවලට පුළුවන් ඔබ ශාරීරිකව රෝග කරන්න. චරිත දෝෂ මඟින් ඇතිකරන විඳවීම්වලට ඔබ සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න පුළුවන්. බොහෝ තරුණ ව්‍යාපාරිකයින් කනස්සල්ල එක්ක ඔට්ටුවෙන විදිහ දන්නෙ නැතුව අකාලයේ මිය යනව. ඝෝෂා, කැලඹීම් සහිත පරිසරයක් සහිත මෙන්ම සිත්වල හැඟීම් කැලතීමද අධික අතිශය ජනාකීර්ණ නූතන නගරවල ස්නායු හා සර්වාංග රෝගවලට ඇති හොඳම ප්‍රතිශක්තිය තම ඇතුළාන්ත මනස සාමකාමීව පවත්වා ගැනීමයි.

ඔබේ බියට ඔබ දිගටම අඩපණ කරන්න පුළුවන්. ඔබේ අද පවතින කෝපයට හෝ වෛරයට නුදුරු අනාගතයේදීම ඔබ සතුටු කරමින්ම කෙනෙකුගේ ජීවිතය අඳුරට හෙළන්න පුළුවන්. නමුත් මේ උදෑසන, ඔබේ එදිරිවාදියා යැයි සිතන පුද්ගලයාගේ හැබෑ තත්ත්වය ගැන අමාරුවෙන් හෝ තේරුම් ගෙන, ඔහු ඔබට කර ඇති දෑ දරාගනිමින් කරුණාවන්ත වීමට පුළුවන්නම්, අද දවස කෙතරම් මනරම් වේද?

බුදුන්ගේ මේ උවදෙස ගැන සිතා බලන්න:

‘බියකරු - බිහිසුණු නොවන කෙනෙකු තුළ - කවර‍කු හෝ බිය දකින්නේද, බියකරු - බිහිසුණු කෙනෙකු තුළ - කවරෙකු හෝ බිය නොදනින්නේද; නිවැරදි නොවන දැක්මක් ඇතිවීමෙන් වැලඳ ගන්නේය; දුක්බර, දුක්මුසු බව.

ලබන සතියේ;

සූකිරි කන්දකින් ගලන මී පැණි ගඟුල?

සිංහල කළේ - සමුනි සමරකෝන්


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...