SLFP නඩුව ගැන තීන්දුව 29ට කල් යයි | දිනමිණ

SLFP නඩුව ගැන තීන්දුව 29ට කල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පැමිණිල්ල තවදුරටත් විභාගයට ගන්නවාද  නැද්ද යන තීන්දුව ලබන 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අද (04) තීන්දු කළේය.

ඒ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංකගේ නියෝගයකට අනුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු විසින් අදාළ පැමිණිල්ල ගොනු කෙරිණ.
 
මීට පෙර විනිසුරුවරයා කළ නියෝගයට අනුව විත්තිකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා විසින් පැමිණිල්ලේ මූලික විරෝධතා සම්බන්ධයෙන් වන ලිඛිත දේශන අද අධිකරණය හමුවේ ගොනු කළේය.
 
වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බවත් ,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවත්  දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබිණි.

නව අදහස දක්වන්න