යුද හමුදාවේ මුල්ම තරගයෙන් ගෝල් වැස්සක් | දිනමිණ

යුද හමුදාවේ මුල්ම තරගයෙන් ගෝල් වැස්සක්

ප්‍රින්ස් ගුණසේකර

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ පළමු තරගයේදීම ශ්‍රී ලංකා යුද හමුදා ක්රී්ඩකයෝ ගෝල් 8-1ක් ලෙස නිගම්බූ යූත් පිල පරාජයට පත් කළේය. කැළණිය පාපන්දු පිටියේ පැවැති යුද හමුදා - නිගම්බු යූත් තරගයේ පළමු භාගයේදී ගෝල් 7-0ක් ලෙස යුද හමුදාව ඉදිරියෙන් සිටි අතර සජිත් කුමාර ගෝල් 5ක් ලබා ගැනීමට සම්ත්වීම කැපී පෙණුනි.

යුද හමුදාවේ පළපුරුදු ක්‍රීඩක මොහොමඩ් ඉසෙදීන්, කසුන් ප්‍රදීප් හා එරංග ප්‍රනාන්දු ගෝලය බැගින් වාර්තා කළ අතර නිගම්බු යූත් පිලේ එකම ගෝලය නයිජීරියානු ජාතික බ්රනයිට් ඇකෝටී වාර්තා කළේය.

ක්‍රිස්ටල් පැලස් ඉදිරියෙන්

පසුගිය එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට පිවිසි ජාවාලේන් පිල මෙවර චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ගෝල් 1-0ක් ලෙස ක්‍රිස්ටල් පැලස් පිල හමුවේ පරාජයට පත් විය. තරගයේ 51වැනි මිනිත්තුවේදී ක්රිකස්ටල් පැලස් ක්‍රීඩක එම්. රවුසාන් ලැබූ ගෝලයෙන් පසු ගෝල් වාර්තා නොවීය. අවසන් එෆ්. ඒ. කුසලාන තරගාවලියේ දී ජාවාලේන් පිල අනු ශූරතාව දිනා ගත්තේය.

මාතරට ජය

නාවලපිටිය ජයතිලක ක්‍රීඩා පිටියේ පැවැති මාතර හා අප් කන්ට්‍රි ලයන්ස් අතර තරගයෙන් ගෝල් 4-1ක ජයක් මාතර සිටි පිලට හිමි විය. නයිජීරියානු ජාතික ඒ. ඩී. ඔගෙසී තරගයේ 7වැනි හා 48වැනි මිනිත්තුවලදී ගෝල් දෙකක් හා බී. ප්‍රින්ස් හා ඒ. පී. අකලංක ගෝල් දෙකක් වාරත් කළ අතර අප් කන්ට්‍රි ලයන්ස් පිලේ ඒ. එම්මා ගෝලයක් වාර්තා කළේය.

වෙන්නප්පුව අනුර‘පුර පරදවයි

වෙන්නප්පුව නිවි යංග්ස් හා අනුරාධපුර සොලිඩ් අතර සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල් 2-1ක ජයක් නිව් යංග්ස් පිලට හිමි විය. නිවි යංග්ස් පිලේ වයි. ඩී. පිසිල්ස් හා එම්. මුෂ්කාන් ගෝල් වාර්තා කළ අතර එස්. සජීවන් සොලිඩ් පිලට ගෝලයක් එක් කළේය.

කොළඹට 2-0ක ජයක් කොළඹ ක්‍රීඩා සමාජය හා මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය අතර සුගතදාස පිටියේ පැවැති තරගයේදී ගෝල් 2-0ක ජයක් කොලඹ පිලට හිමි විය. කොළඹ පිලේ එම්. එන්. එම්. ෆසාල් හා ඕ. එය්. ඔබමුරේ ගෝල් වාර්තා කිරීමට සමත් වූහ. මෙම තරගයේදී කොළඹ පිලේ එම්. එන්. එම්. මොහොමඩ්, එන්. කනිෂ්ක, මොහොමඩ් ආකීබ් හා මොරගස්මුල්ල පිලේ දිනුදු කුමාර කහ කාඩ්පත් අවවාද ලැබූහ.

රිනවුන් - සෝන්ඩර්ස් තරගය ජයපරාජ නෑ

සුගතදාස පිටියේ පැවැති රිනවුන් - සෝන්ඩර්ස් අතර තරගය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. කලක් ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ කසුන් ජයසූරිය නැවැත සෝන්ඩර්ස් පිලට එක්ව සිටින අතර ඔහු 3වැනි මිනිත්තුවේදී සෝන්ඩර්ස් පිලට ගෝලයක් එක් කළද, 89වැනි මිනිත්තුවේදී මොහොමඩ් රිෆ්නාස් රිනවුන් නාමය ඉදිරියේ ගෝලයක් වාර්තා කිරීමෙන් තරගය සම මට්ටමින් නිමාවට පත් විය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...