යුරෝපයෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට යන පළමු කණ්ඩායම බෙල්ජියම | දිනමිණ

යුරෝපයෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට යන පළමු කණ්ඩායම බෙල්ජියම

 ග්‍රීසිසිය ගෝල් 1-2කින් පැරදවූ බෙල්ජියම ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගත් පළමු යුරෝපීය කණ්ඩායම බවට පත්ව සිටී.

මේ ගෝල් 3 ම වාර්තා වූයේ තරගයේ දෙවැනි භාගයේ මිනිත්තු පහක කාලයක් ඇතුළතය.

ජෑන් වර්ටොංහෙන් පළමු ගෝලය ලබා ගනිමින් බෙල්ජියම තරගයේ පෙරමුණට ගෙන ආවේය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් සෙකා ගෝලයක් ලබා ගනිමින් ග්‍රීසිය තරගයේ සම තත්ත්වයට ගෙන ආවද ඊට මිනිත්තුවකට පසුව රොමෙලු ලුකාකු ඔහුගේ හිසෙන් පන්දුව දැල වෙත යවමින් අවසන් ගෝලය ලබා ගත්තේය.

බෙල්ජියම මේ ජයග්ර හණයත් සමග ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් බ්ර්සීලය, මෙක්සිකෝව, ඉරානය හා ජපානය සමග එක්වන අතර සත්කාරක රට වශයෙන් රුසියාව කෙළින්ම තරගාවලියට සුදුසුකම් ලබා සිටී.

නව අදහස දක්වන්න