ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට ගල් ප්‍රහාරයක් | දිනමිණ

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට ගල් ප්‍රහාරයක්

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතවන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගමන්ගත් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවීමෙන් පසුව නැවතත් හෝටලයට යෑමේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කර ඉතිහාසයේ පළමු වතාවට ටෙස්ට් තරග ජයක් ලැබීමටද බංග්ලාදේශ කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේදී සමත්විය.

අදාළ සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මෙසේ පවසයි.

“ කිසිවෙකුත් මෙයින් තුවාල ලැබුවේ නෑ.

කණ්ඩායම් ආරක්ෂක නිලධාරීන් මේ ගැන බංග්ලාදේශයත් සමග කතා කරමින් ඉන්නේ.  ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වෙනවා.

බංග්ලාදේශය මෙය බරපතල ලෙස අරගෙන තිබෙනවා.

ආරක්ෂාව වර්ධනය කරන තිබෙනවා.  මේ දක්වාම ආරක්ෂාව ගැන තෘප්තිමත් වෙන්න  පුළුවන්.” 

නව අදහස දක්වන්න