රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් කිරළ කැලේ ශුද්ධ පවිත්‍ර කරයි | දිනමිණ

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් කිරළ කැලේ ශුද්ධ පවිත්‍ර කරයි

මාතර කිරළ කැලේ අභය භූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා රුහුණ විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකයේ සම්බන්ධීකරණයෙන් එහි සිසු සිසුවියන් විසින් ක්‍රියාත්මක කරන ලදී.

එම ව්‍යාපෘතිය යටතේ මාතර හිත්තැටිය ප්‍රදේශයෙන් කිරළ කැලේ අභය භූමියට ප්‍රවේශවන මාර්ගය අවට ප්‍රදේශය පිරිසිදු කිරීම සිදුකරන ලද අතර පරිසරය රැක ගැනීමේ වැදගත්කම පිළිබඳ පුවරු ප්‍රදර්ශනය කිරීම, කැළිකසළ එක් රැස් කිරීම සඳහා බදුන් තැන්පත් කිරීම සහ ප්‍රදේශය තුළ විසිරි පැවතුන දිරාපත් නොවන ද්‍රව්‍ය සහ කැළිකසළ එක්රැස් කර ඉවත් කිරීම සිදු විය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්වෙමු ලංකා ආයතනය මඟින් එම සිසු සිසුවියන් සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ විධිමත් පුහුණුවක් ලබාදී තිබුණ අතර ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ පරිසර සහජීවනය තුළින් ජාතික සංහිදියාව ගොඩනැගීමයි. මෙම සිසුන් සදහා ගැටලු හදුනා ගැනීම, ව්‍යාපෘති සැකසීම, දිගු කාලීන ප්‍රතිඵල ළඟාවනසේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදී තිබුණි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දායක වූ සියලුම සිසු සිසුවියන් මාතර දිස්ත්‍රික්කයෙන් පිටස්තරව ජීවත්වන අය වීමද විශේෂත්වයක් විය.

ඡායාරූප - ගන්දර සමූහ 

නව අදහස දක්වන්න