පාලින්දනුවර ආයුර්වේද මධ්‍යස්ථානයෙන් දුෂ්කර ගම් රැසක ජනතාවට සෙත | දිනමිණ

පාලින්දනුවර ආයුර්වේද මධ්‍යස්ථානයෙන් දුෂ්කර ගම් රැසක ජනතාවට සෙත

 පාලින්දනුවර ඉපැරැණි තානායම පැවති ගොඩනැඟිල්ල දේශීය ආයුර්වේද මධ්‍යස්ථානයකට ලබාදීමෙන් දුෂ්කර ගම් රැසක ජනතාවට විශාල සේවයක් සැලසී ඇත.

බස්නාහිර පළාත් දේශීය වෛද්‍ය ඇමැතිවරයාගේ මූලිකකත්වයෙන් බස්නාහිර පළාත් සෞඛ්‍ය වෛද්‍ය කොමසාරිස්වරියගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් දේශීය සෞඛ්‍ය ප්‍රජාමූල වෛද්‍යවරිය ගැමි පොදු ජනතාව වෙනුවෙන් කැපවී සිය සේවය ලබාදෙන්නීය. සතියකට එක් දවසක් පමණක් මෙය විවෘතව තිබේ.

මෙය පාලින්ද නුවරට ඇති එකම ජංගම දේශීය ආයුර්වේද මධ්‍යස්ථාන වෙයි.

පාලින්දනුවර කොට්ඨාසයේ අති දුෂ්කර වලකඩ කෙලින්කන්ද , තිනියාවල, දිගන්න , දික්හේන, ගලහිටිය, කුඹුරුහේන, අඹේගොඩ, උඩුවන්කන්ද, පණාදඬුකන්ද, මගුරුවල, පැල්පොල, පොල්වත්තහේන, බාම්පාර, පැණිගල, හෙවෙස්ස, කළුගල ඇතුළු දුෂ්කර ගම්මානවල ජනතාව මෙමගින් සේවය ලබා ගනිති.

‍ සටහන සහ ඡායාරූප පාලින්දනුවර සමූහ සමන් ඩී.විතාන

නව අදහස දක්වන්න