ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයි | දිනමිණ

ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයි

සන්ධ්‍යා කරුණාරත්න

 - ඇමැති රාජිත

ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණක් වන අතර එය තවමත් නීතියක් බවට පත් නොවූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බවත් එය නීතිගත කිරීම සඳහා කරුණු දෙකක් බලපාන බවට සැසිවාරයේදි කරුණු අනාවරණය වූ බවත් ඇමැතිවරයා පැවැසුවේය.

කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණයට ලක් වීම සහ ළදරු කළලය කිසියම් රෝගයකට ගොදුරුව විකෘති මිනිසෙකු මෙලොවට බිහිවීම යන කරුණු දෙක හේතු කර ගනිමින් ගබ්සාව නීතිගත කරන ලෙස ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේදී යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි ඇමැතිවරයා කීය. එම කරුණු දෙක සැළකිල්ලට ගනිමින් ගබ්සාව නීතිගත කළ යුතු බව ශ්‍රී ලංකා පරාජන්ම සංගමය යෝජනා කළ ද එම යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් ලැබී නොමැති බවත් අදාළ යෝජනා ලැබුණු පසු අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක් වන අතර එය ජීවිත කාලය පුරාවටම දුක් විඳීමට සිදුවන කාරණයක් බවත් එබැවින් විකෘති ළදරු කළල මුල සිටම හඳුනා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා කීය. 


නව අදහස දක්වන්න

Or log in with...