අත්අඩංගු වේ සිටි ඉන්දීය ධීවරයන් 76 දෙනකු ඉන්දියාවට බාර දෙයි | දිනමිණ

අත්අඩංගු වේ සිටි ඉන්දීය ධීවරයන් 76 දෙනකු ඉන්දියාවට බාර දෙයි

 ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැළීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයන් 76 දෙනකු සහ අනතුරට පත්ව මුහුදේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගත් ඉන්දීය ධීවරයන් 4 දෙනකු යළි එරටට බාර දීම ඊයේ (04) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

අත්අඩංගුවට පත් ධීවරයින් 76 දෙනා අවස්ථා කීපයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ අය වේ. ඔවුන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී පතුළ මත ඇදගෙන යාමේ (Bottom trawling) තහනම් ක්‍රමය භාවිත කරමින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇත. එම ක්‍රමය සාගර සම්පත්වලට දැඩි ලෙස හානිකරන ඉතා විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හැඳින්වේ. එම ඉන්දීය ධීවරයන් පිරිස බාර දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ L 820 නෞකාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 41 වේග ප්‍රහාරක යාත්‍රාව එක් වූ අතර, ඔවුන් අද මධ්‍යහ්නයේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාරන්ග්’ නෞකාව වෙත බාර දීමට කටයුතු කෙරිණි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...