ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතරට තද වැසි | දිනමිණ

ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතරට තද වැසි

බස්නාහිර, දකුණු, මධ්‍යම සහසබරගමුව පළාත්වල විශේෂයෙන් ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මි. 100-150ක පමණ ඉතා තද වැසි  ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                                                            මහජනයා සඳහා කාලගුණ අනාවැකි

                                         2017සැප්තැම්බර්මස05වන දින මධ්‍යහන 12.00 ට  නිකුත් කරන ලදි

බස්නාහිර, දකුණු, මධ්‍යම සහසබරගමුව පළාත්වල විශේෂයෙන් ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඉතා තද වැසි (මි.මි. 100-150ක පමණ) ඇති විය හැක.

බස්නාහිර, දකුණු, සබරගමුව සහමධ්‍යමපළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

රත්නපුර, කළුතර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තද වැසි (මි.මි. 100-150ක පමණ) ඇති විය හැක.

සෙසු ප්‍රදේශවලසමහර ස්ථානවලට තරමක් තද වැසි (මි.මි. 75 ක පමණ) ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යපියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස27 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.හෙට දින (06) දහවල් 12.09ට තෙල්වත්ත, බද්දේගම, දීගල, මුලටියන, ජඳුර, අත්තනවල සහ උඩමුල්ල යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

                                                ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                           2017 සැප්තැම්බර් මස 05 වන දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයිනට නිරිත දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි, මුහුදු ප්‍රදේශවලවිටින් විට හමන ඉතාතද සුළං (පැ.කි.මී. 60-70 දක්වා)සහ ඉතා රළුමුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැක.

නැගෙනහිර මුහුදු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී 20-30 අතර වේ.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවල විටින් විට ඉතා රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථා වලදී එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

නව අදහස දක්වන්න