මාදුගඟ පිටාර ගලයි - ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි | දිනමිණ

මාදුගඟ පිටාර ගලයි - ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

ගොංගල ප්‍රදේශයට ඇති වී තිබෙන අධික වර්ෂා තත්ත්වය නිසා මාදුගඟේ ස්ථාන කිහිපයකින් ජලය පිටාර ගැලීම සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය මේ හේතුවෙන් පවුල් කිහිපයක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර පවතින වර්ෂා තත්ත්වය දිගටම පැවතිය හොත් නුවරඑළිය හා ගාල්ල දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාවට නායයෑම් අවදානම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත්, නායයෑමේ ලක්ෂණ ඇතිවූ වහාම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසත් හෙතෙම පවසා සිටියේය. 

ගාලු දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 200 ක වර්ෂාපතනයක් ලැබී ඇත.

අද  අලුයම සිට උදෑසන 06 දක්වා කාලයේදි නාගොඩ, යටලමත්ත ප්‍රදේශයන්ට මිලි මීටර් 180-200ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව ඇති බව ද සදහන්.

නව අදහස දක්වන්න