වැලිකඩ ගැටුම - සාක්ෂිකරුගේ නිවසට වෙඩි | දිනමිණ

වැලිකඩ ගැටුම - සාක්ෂිකරුගේ නිවසට වෙඩි

වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරු වන සුදේෂ් නන්දිමාල් නැමැත්තාගේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ෙ2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන්නේ ඔහුය.

සුදේෂ් නන්දිමාල් මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ රැඳී සිටියදී ඊයේ රාත්‍රී 11.00ට පමණ නිවසේ ගේට්ටුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් ද නිවේදනයක් නිකුත් කර ඇත.

නව අදහස දක්වන්න