හදිසි කැබිනට් රැස්වීමක් හෙට | දිනමිණ

හදිසි කැබිනට් රැස්වීමක් හෙට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හෙට දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

එහි දී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇති අතර මෙම පනත් කෙටුම්පත පළාත් සභා කිහිපයකික් මේ වනවිටත් පරාජයට පත් වී ඇත.

එමෙන්ම ඊයේ එළි දැක්වු විෂන් ට්වෙන්ටි ටිවෙන්ටි ෆයිව් ප්‍රතිපත්ති හා ආර්ථීක දැක්ම සම්බන්ධයෙන් ද තවදූරටත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කෙරෙනු ඇති.

ඊට අමතරව ජනරාල් ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඉකුත්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී අදහස් දැක්විමට නියමිත බවයි වාර්තා වන්නේ.


නව අදහස දක්වන්න

Or log in with...